يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අහස්හි ඇති දෑ හා මිහිතලයෙහි ඇති දෑ අල්ලාහ්ව පිවිතුරු කරති. (සියලු) රාජ්යය ඔහු සතුය. (සියලු) පැසසුම් ද ඔහු සතුය. තවද ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.
هُوَ الَّذِي خَلَقَكُمْ فَمِنكُمْ كَافِرٌ وَمِنكُم مُّؤْمِنٌ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
නුඹලාව මැව්වේ ඔහුමය. පසුව නුඹලා අතුරින් සමහරුන් ප්රතික්ෂේපකයින් ය. තවද නුඹලා අතුරින් සමහරුන් විශ්වාසවන්තයින් ය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීය.
خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ ۖ وَإِلَيْهِ الْمَصِيرُ
අහස් හා මිහිතලය නිසි ලෙස මැව්වේ ඔහුය. තවද නුඹලාව හැඩ ගැන්වූයේය. පසුව නුඹලාගේ හැඩරුව අලංකාර කළේය. තවද අවසානයේ (නුඹලා) යොමු වන ස්ථානය ඔහු වෙතමය.
يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَيَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ ۚ وَاللَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ ඔහු දන්නේය. නුඹලා සගවන දෑ ද නුඹලා හෙළිකරන දෑ ද ඔහු දන්නේය. තවද හදවත් තුළ ඇති දෑ පිළිබඳව අල්ලාහ් සර්වඥය.
أَلَمْ يَأْتِكُمْ نَبَأُ الَّذِينَ كَفَرُوا مِن قَبْلُ فَذَاقُوا وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
මෙයට පෙර විසූ ප්රතික්ෂේප කළවුන්ගේ පුවත නුඹලා වෙත නොපැමිණියේ ද? තවද ඔවුන් තමන්ගේ හැසිරීමේ විපාකය (මෙලොවෙහිම) රස වින්දෝය. තවද ඔවුනට (මතු ලොවෙහි) වේදනීය දඬුවමක් ඇත.
ذَٰلِكَ بِأَنَّهُ كَانَت تَّأْتِيهِمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ فَقَالُوا أَبَشَرٌ يَهْدُونَنَا فَكَفَرُوا وَتَوَلَّوا ۚ وَّاسْتَغْنَى اللَّهُ ۚ وَاللَّهُ غَنِيٌّ حَمِيدٌ
එයට හේතුව ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන් වෙත ඉතා පැහැදිලි සාධකයන් ගෙන එමින් සිටියෝය. නමුත් ඔවුහු ‘අපට යහමග පෙන්වන්නේ (අප මෙන්ම) මනුෂ්යයින් දැ?’යි පැවසුවෝය. පසුව ඔවුන් (රසූල්වරුන්ව) ප්රතික්ෂේප කර පිටුපෑවෝය. අල්ලාහ් (ඔවුන්ගෙන්) අවශ්යතාවෙන් තොර විය. අල්ලාහ් සර්ව සම්පූර්ණය සර්ව ප්රශංසනීය.-
زَعَمَ الَّذِينَ كَفَرُوا أَن لَّن يُبْعَثُوا ۚ قُلْ بَلَىٰ وَرَبِّي لَتُبْعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلْتُمْ ۚ وَذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ
ප්රතික්ෂේප කළවුන් තමන් (මරණින් පසු නැවත) නැගිටුවනු නොලබන්නේම යැයි තරයේ සිත(මින් කියාපා)ති. (නබිවරය,) පවසවු ‘නොඑසේය, මාගේ පරමාධිපතියාණන් මත දිවුරමින්, සැබැවින්ම නුඹලා නැගිටුවනු ලබන්නෙහුමය. පසුව නුඹලා කළ දෑ පිළිබඳව නුඹලාට දන්වනු ලබන්නෙහුමය. එය අල්ලාහ්ට පහසුය.’
فَآمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالنُّورِ الَّذِي أَنزَلْنَا ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
එබැවින් අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරයාව ද අප පහළ කළ ආලෝකය(අල් කුර්ආනය) ද නුඹලා විශ්වාස කරවු. තවද නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්තය.
يَوْمَ يَجْمَعُكُمْ لِيَوْمِ الْجَمْعِ ۖ ذَٰلِكَ يَوْمُ التَّغَابُنِ ۗ وَمَن يُؤْمِن بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ
එක්රැස් කරනු ලබන (විනිශ්චය) දිනය සඳහා ඔහු නුඹලාව එක්රැස් කරන දින (නුඹ සිහිපත් කරවු). එය එකිනෙකාට ලාභ අලාභ ඇති කරවන දිනයයි. කවරෙකු අල්ලාහ්ව විශ්වාස කර යහකම් කරන්නේ ද ඔහුගේ දුෂ්ටකම් ඔහුගෙන් ඔහු(අල්ලහ්) ක්ෂමා කර ස්වර්ග උයන් වලට ඔහුව ඇතුළු කරවන්නේය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. එය ඉමහත් ජයග්රහණයයි.
1මෙම ආයතයේ කෙටි අදහස වනුයේ විනිශ්චය දින යහකම් කළවුන් ඔවුන්ගේ ප්රතිඵල දකින අතර අයහකම් කළවුන් ඔවුන්ගේ විපාක දකින බවයි. නමුත් මෙහි සඳහන් ‘තඝාබුන්’ යන වචනයේ පදානුගත අර්ථය වනුයේ එකිනෙකාට අලාභ ඇති කිරීම යන්නය. ඒ අනුව විනිශ්චය දින යහකම් කළවුන් අයහකම් කළවුනට ඔවුන්ගේ අලාභය පිළිබඳව නින්දාවට ලක් කරති. තවද අධික ලෙස යහකම් කළවුන් අඩුවෙන් යහකම් කළවුන්ට ඔවුන්ගේ අලාභය පිළිබඳව නින්දාවට ලක් කරති.
وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَـٰئِكَ أَصْحَابُ النَّارِ خَالِدِينَ فِيهَا ۖ وَبِئْسَ الْمَصِيرُ
තවද කවරෙකු අපගේ සංඥාවන් ප්රතික්ෂේප කර අසත්යය කරන්නේද ඔවුහුමය නිරයේ සගයෝ වන්නේ. (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. තවද (ඔවුහු) අවසානයේ යොමු වන ස්ථානය කෙතරම් නින්දනීය ද?
مَا أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۗ وَمَن يُؤْمِن بِاللَّهِ يَهْدِ قَلْبَهُ ۚ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර කිසිම දුර්භාග්යයක් ඇති නොවන්නේමය. තවද කවරෙකු අල්ලාහ්ව විශ්වාස කරන්නේද ඔහු(අල්ලාහ්) ඔහුගේ හදවතට යහමග පෙන්වන්නේය. අල්ලාහ් සියලූ දෑ කෙරෙහි සර්වඥය.-
وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ ۚ فَإِن تَوَلَّيْتُمْ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ
තවද නුඹලා අල්ලාහ්ට අවනත වවු. තවද රසූල්වරයාට ද අවනත වවු. එබැවින් නුඹලා පිටුපෑවෙහු නම් එවිට අපගේ රසූල්වරයා කෙරෙහි වගකීම වන්නේ පැහැදිලිව (පණිවුඩය) ප්රකාශ කිරීම පමණය.
اللَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
අල්ලාහ්, ඔහු හැර (නැමදුමට) වෙනත් දෙවියෙකු නොමැත. තවද විශ්වාසිකයින් සියල්ල භාර කළ යුත්තේ අල්ලාහ් කෙරෙහිමය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّ مِنْ أَزْوَاجِكُمْ وَأَوْلَادِكُمْ عَدُوًّا لَّكُمْ فَاحْذَرُوهُمْ ۚ وَإِن تَعْفُوا وَتَصْفَحُوا وَتَغْفِرُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
විශ්වාස කළවුනි, සැබැවින්ම නුඹලාගේ භාර්යාවන් හා නුඹලාගේ දරුවන් අතුරින් නුඹලාට සතුරන් සිටිති. එබැවින් ඔවුන්ගෙන් නුඹලා ප්රවේශම් වවු. නුඹලා (ඔවුනට) අනුකම්පා කර(ඔවුන්ගේ වැරදි) නොසලකා හැර ක්ෂමාව පිරිනැමුවේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
2මෙහි සතුරන් යනුවෙන් පවසන්නේ ඔවුන් අතුරින් දහම් කටයුතු වලට බාධා කරන්නන්ටය. තවද මක්කාවේ විසූ සමහරුන්ට දේශාන්තරණය කිරීම අනිවාර්යය වී තිබුණු නමුත් තමන්ගේ පවුලේ බලපෑම නිසා ඔවුන්ට දේශාන්තරණය කිරීමට නොහැකි වූ හෙයින් ඔවුන්ගේ විෂයෙහි මෙම ආයතය පහළ වී ඇති බව වාර්තා වී ඇත.
3තමන්ගේ පවුලේ උදවිය වැරදි කළ ද ඔවුන් කෙරෙහි ඉක්මන් නොවී ඉවසිල්ලෙන් ඇසුරු කළ යුතුයි යනුවෙන් මෙම ආයතය තුළින් උපදෙස් දී ඇත.
إِنَّمَا أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ ۚ وَاللَّهُ عِندَهُ أَجْرٌ عَظِيمٌ
සැබැවින්ම නුඹලාගේ ධනය හා නුඹලාගේ දරුවන් (නුඹලාට) පරීක්ෂණයක්මය. තවද අල්ලාහ්, ඔහු අබියස ඉමහත් වේතනයක් ඇත.
فَاتَّقُوا اللَّهَ مَا اسْتَطَعْتُمْ وَاسْمَعُوا وَأَطِيعُوا وَأَنفِقُوا خَيْرًا لِّأَنفُسِكُمْ ۗ وَمَن يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَـٰئِكَ هُمُ الْمُفْلِحُونَ
එබැවින් නුඹලාගේ ශක්තියට අනුව නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද සවන් දෙවු. තවද අවනත වවු. තවද (එය) නුඹලාට යහපතක් වනු පිණිස(අල්ලාහ් වෙනුවෙන් යහ මාර්ගයේ) වියදම් කරවු. තවද කවරෙකු තමන්ගේ හදවතෙහි ඇති වන මසුරුකමින් වළක්වනු ලබන්නේ ද ඔවුහුමය ජය ලද්දෝ.
إِن تُقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا يُضَاعِفْهُ لَكُمْ وَيَغْفِرْ لَكُمْ ۚ وَاللَّهُ شَكُورٌ حَلِيمٌ
නුඹලා අල්ලාහ්ට අලංකාර ණයක් ලබා දෙන්නේ නම් ඔහු එය නුඹලාට ප්රගුණ කර දෙන්නේය. තවද නුඹලාට ඔහු පාප ක්ෂමාව පිරිනමන්නේය. තවද අල්ලාහ් මහා කෘතවේදීය දැඩි ඉවසිලිවන්තය.
4අල් කුර්ආන් 2:245 , 73:20 ආයතයන්හි පාද සටහන බලන්න.
عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْعَزِيزُ الْحَكِيمُ
(ඔහු) ගුප්ත දෑ හා දෘශ්ය දෑ දන්නාය, අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.