المنافقون

අල්-මුනාෆිකූන්

المنافقون

අල්-මුනාෆිකූන් · Al-Munafiqun

මදීනී11 පද්‍ය
1

إِذَا جَاءَكَ الْمُنَافِقُونَ قَالُوا نَشْهَدُ إِنَّكَ لَرَسُولُ اللَّهِ ۗ وَاللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُ وَاللَّهُ يَشْهَدُ إِنَّ الْمُنَافِقِينَ لَكَاذِبُونَ

ආත්ම වංචනිකයෝ නුඹ වෙත පැමිණියේ නම් “සැබැවින්ම නුඹ අල්ලාහ්ගේ රසූල්වරයා බව අපි සාක්ෂි දරන්නෙමු” යැයි ඔවුහු පවසති. සැබැවින්ම නුඹ අල්ලාහ්ගේ රසූල්වරයා බව අල්ලාහ් දන්නේය. (නමුත්) ආත්ම වංචනිකයින් සැබැවින්ම අසත්යවන්තයින් යැයි අල්ලාහ් සාක්ෂි දරන්නේය.
2

اتَّخَذُوا أَيْمَانَهُمْ جُنَّةً فَصَدُّوا عَن سَبِيلِ اللَّهِ ۚ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ

ඔවුහු තමන්ගේ දිවුරුම් පලිහක් ලෙස යොදා ගනිමින් (ජනයින්ව) අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක් වූහ. සැබැවින්ම ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය.
3

ذَٰلِكَ بِأَنَّهُمْ آمَنُوا ثُمَّ كَفَرُوا فَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ

එය සැබැවින්ම ඔවුන් (ප්රසිද්ධියේ මුවින්) විශ්වාස(ය ප්රකාශ)කර, පසුව (රහසිගතව හදවතින්) ප්රතික්ෂේප කළ හේතුවෙනි. එබැවින් ඔවුන්ගේ හදවත්හි මුද්රා තබනු ලැබීය. එහෙයින් ඔවුහු වටහා නොගන්නෝය.
4

وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ ۖ وَإِن يَقُولُوا تَسْمَعْ لِقَوْلِهِمْ ۖ كَأَنَّهُمْ خُشُبٌ مُّسَنَّدَةٌ ۖ يَحْسَبُونَ كُلَّ صَيْحَةٍ عَلَيْهِمْ ۚ هُمُ الْعَدُوُّ فَاحْذَرْهُمْ ۚ قَاتَلَهُمُ اللَّهُ ۖ أَنَّىٰ يُؤْفَكُونَ

ඔවුන්ව නුඹ දුටුවේ නම් ඔවුන්ගේ ශරීරයන්(හි අලංකාරය) නුඹව විස්මයට පත් කරවයි. ඔවුන් කතා කළේ නම් නුඹ ඔවුන්ගේ කථිකත්වයට (ආකර්ෂණය වී) සවන් දෙන්නෙහිය. (නමුත් මෙය අසත්යකි.) ඔවුන්(ට උපමාව වනුයේ) සිටවනු ලැබූ ගස් කොටන් මෙන්ය. (ඔවුන්ගේ බියගුලුකම හේතුවෙන් ඔවුන්ට ඇසෙන) සෑම හඬක්ම ඔවුන්ට එරෙහි වන්නක් ලෙස ඔවුහු සිතති. (නබිවරය,) ඔවුන්මය සතුරන් වන්නේ. එබැවින් නුඹ ඔවුන්ගෙන් අවදානමෙන් සිටිවු. අල්ලාහ් ඔවුන්ව විනාශ කර දමනු මැනව. කෙසේ නම් ඔවුන් (යහමගින් මුළා වී) හරවනු ලැබුවේ ද!-
5

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا يَسْتَغْفِرْ لَكُمْ رَسُولُ اللَّهِ لَوَّوْا رُءُوسَهُمْ وَرَأَيْتَهُمْ يَصُدُّونَ وَهُم مُّسْتَكْبِرُونَ

‘නුඹලා පැමිණෙවු. අල්ලාහ්ගේ රසූල්වරයා නුඹලා වෙනුවෙන් පාප ක්ෂමාව ඇයැදිනු ඇතැයි.’ ඔවුනට පවසනු ලැබූ කල්හි ඔවුන්ගේ හිස් (අකමැත්තෙන්) හරවා ගනිති. තවද ඔවුන් උඩගුකමින් පිටුපා යන්නන් ලෙස නුඹ ඔවුන්ව දකිනු ඇත.
6

سَوَاءٌ عَلَيْهِمْ أَسْتَغْفَرْتَ لَهُمْ أَمْ لَمْ تَسْتَغْفِرْ لَهُمْ لَن يَغْفِرَ اللَّهُ لَهُمْ ۚ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ

(නබිවරය,) ඔවුන් වෙනුවෙන් නුඹ පාප ක්ෂමාව අයැද සිටීම ද ඇයැද නොසිටීමද ඔවුන්ගේ විෂයෙහි එක හා සමානය. අල්ලාහ් ඔවුන්ව ක්ෂමා නොකරන්නේමය. සැබැවින්ම අල්ලාහ් පාපතර පිරිසට යහමග පෙන්වන්නේ නැත.
7

هُمُ الَّذِينَ يَقُولُونَ لَا تُنفِقُوا عَلَىٰ مَنْ عِندَ رَسُولِ اللَّهِ حَتَّىٰ يَنفَضُّوا ۗ وَلِلَّهِ خَزَائِنُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَـٰكِنَّ الْمُنَافِقِينَ لَا يَفْقَهُونَ

අල්ලාහ්ගේ රසූල්වරයා සමග සිටිනවුන්ට ඔවුන් (නුඹලාගෙන් වෙන් වී) විසිරී යනතුරු නුඹලා වියදම් නොකරවු.’ 1 යැයි පවසනුයේ ඔවුන්මය. අහස්හි හා මිහිතලයෙහි ඇති ධන සම්භාරය අල්ලාහ් සතුය. නමුත් ආත්ම වංචනිකයින් අවබෝධ කර නොගනිති.
1දිනක් මදීනා වැසියෙකු හා මක්කාවේ සිට දේශාන්තරණය කළ මුහාජිර්වරයෙකු අතර ඇති වූ කුඩා බහින්බස් වීමක් ආරවුලක් දක්වා ඇදී ගිය නමුත් එය නබි මුහම්මද් තුමාණන් සමතයකට පත් කර ඔවුන් දෙදෙනා නැවත මිත්රත්වයට පත් කළේය. මෙම සන්දර්භය ප්රයෝජනයට ගත් ආත්ම වංචනිකයින්ගේ නායක අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි මදීනා වැසියන් අමතා “මුහාජිර්වරුන්ට වියදම් නොකරනු. එසේ කිරීමෙන් මෙම මුහාජිර්වරුන් නබි මුහම්මද් තුමාණන්ගෙන් වෙන්ව විසිරී යනු ඇතැ”යි පැවසුවේය. තවද “ගෞරවනීය අප නින්දිත ඔවුන්ව මදීනාවෙන් පිටුවහල් කරමු” යැයි ද පැවසුවේය. මේ පිළිබඳව ආයතයන් 7,8 හි සඳහන් වී ඇත.
8

يَقُولُونَ لَئِن رَّجَعْنَا إِلَى الْمَدِينَةِ لَيُخْرِجَنَّ الْأَعَزُّ مِنْهَا الْأَذَلَّ ۚ وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ وَلَـٰكِنَّ الْمُنَافِقِينَ لَا يَعْلَمُونَ

අපි මදීනාවට නැවත හැරී යන්නේ නම් එහි සිටින බලවතුන් (ආත්ම වංචනිකයින්)දුබලයින්ව(විශ්වාසිකයින්ව) සැබැවින්ම පිටුවහල් කරන්නෝයැ’යි ඔවුහු පවසන්නෝය. (එබැවින්) ගෞරවය අල්ලාහ්, ඔහුගේ රසූල්වරයා සහ විශ්වාස කළවුන් සතුය. නමුත් ආත්ම වංචනිකයින් (මෙය) නොදන්නෝය.
9

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُلْهِكُمْ أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُمْ عَن ذِكْرِ اللَّهِ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَأُولَـٰئِكَ هُمُ الْخَاسِرُونَ

විශ්වාස කළවුනි, නුඹලාගේ ධනය හා නුඹලාගේ දරුවන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් නුඹලාව වෙනතකට යොමු නොකළ යුතුය. තවද කවරෙකු එසේ කරන්නේ ද ඔවුන්මය අලාභවන්තයින් වන්නේ.
10

وَأَنفِقُوا مِن مَّا رَزَقْنَاكُم مِّن قَبْلِ أَن يَأْتِيَ أَحَدَكُمُ الْمَوْتُ فَيَقُولَ رَبِّ لَوْلَا أَخَّرْتَنِي إِلَىٰ أَجَلٍ قَرِيبٍ فَأَصَّدَّقَ وَأَكُن مِّنَ الصَّالِحِينَ

නුඹලා අතුරින් කෙනෙකුට මරණය පැමිණීමට පෙර අප නුඹලාට දායාද කළ දැයින් නුඹලා වියදම් කරවු. එ(ම මරණය පැමිණි)විට “මාගේ පරමාධිපතියාණනි, සුළු මොහොතකට මා ප්රමාද නොකරන්නේ ද (එසේ ප්රමාද කළේ නම්) මම දන් දී සැදැහැමියන්ගෙන් කෙනෙකු වන්නෙමි.” යැයි ඔහු පවසයි.
11

وَلَن يُؤَخِّرَ اللَّهُ نَفْسًا إِذَا جَاءَ أَجَلُهَا ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

යමෙකුගේ නියමිත (වූ අවසාන) වේලාව පැමිණියේ නම් අල්ලාහ් ඔහුව ප්රමාද නොකරන්නේමය. අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්තයාය.