يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ الْمَلِكِ الْقُدُّوسِ الْعَزِيزِ الْحَكِيمِ
අධිපති වූද අති පරිශුද්ධ වූද අති බලසම්පන්න වූද සර්ව ප්රඥාවන්ත වූද අල්ලාහ්ව අහස්හි ඇති දෑ හා මිහිතලයෙහි ඇති දෑ පිවිතුරු කරති.
هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُوا مِن قَبْلُ لَفِي ضَلَالٍ مُّبِينٍ
ඔහු(අල්ලාහ් ලිවීමට කියවීමට නොහැකි) නූගත් අය අතුරට ඔවුන් අතුරින්ම ඔහුගේ වදන් ඔවුනට පාරායනය කරන ඔවුන්ව පිවිතුරු කරන ධර්ම පුස්තකය හා ප්රඥාව ඔවුනට හදාර වන, රසූල්වරයෙකු එව්වේය. සැබැවින්ම මෙයට පෙර ඔවුහු පැහැදිලි නොමගෙහි වූහ.
وَآخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا بِهِمْ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
ඔවුන් සමග මේ වනතුරු සම්බන්ධ නොවූ ඔවුන් අතුරින් වූ අන් අය අතරට ද (එම රසූල්වරයාව එව්වේය). ඔහු(අල්ලාහ්) අති බලසම්පන්නය සර්ව ප්රඥාවන්තය.
1පරමාන්ත දිනය දක්වා පැමිණෙන සියලු ජනයාට දුතයා වශයෙන් නබි මුහම්මද් තුමාණන් එවනු ලැබී ඇත යනුවෙන් මෙම ආයතය තුළින් අදහස් වේ.
ذَٰلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
එය (ඔවුන් වෙනුවෙන් වූ) අල්ලාහ්ගේ භාග්යයයි. ඔහු අභිමත කරන අයට ඔහු එය පිරිනමන්නේය. තවද අල්ලාහ් ඉමහත් වූ ප්රසාදයන්ගෙන් යුක්තය.-
2නබි මුහම්මද් තුමා වෙනුවට මක්කා නගරයේ හෝ තාඉෆ් නගරයේ සිටින ප්රධානීන්ගෙන් කෙනෙකු දූතයා බවට පත් වන්නට තිබුණී යැයි මක්කාවේ ප්රතිප්ෂේපිකයින් ද ඊශ්රායෙලයේ කෙනෙකු දූතයා බවට පත් කරන්නට තිබුණී යැයි යුදෙව්වන් ද පවසන්නට වූහ. එනමුත් දූත මෙහෙයුම පැවරීමේ අයිතිය ඇත්තේ අල්ලාහ්ටය. ඔහු එය පවරන්නේය. යැයි මෙම වැකියෙන් අදහස් කෙරේ.
مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْرَاةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ الْحِمَارِ يَحْمِلُ أَسْفَارًا ۚ بِئْسَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِ اللَّهِ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
කවුරුන්හට තව්රාතය (අනුගමනය කිරීමේ වගකීම) පවරනු ලැබ පසුව එය ඉටු නොකළේද ඔවුන්ගේ උපමාව ග්රන්ථ පොදියක් උසුලා ගත් බූරුවෙකුගේ උපමාව මෙන්ය. අල්ලාහ්ගේ වදන් අසත්ය කළ සමූහයේ උපමාව නපුරු විය. තවද අපරාධකාර පිරිසට අල්ලාහ් යහමග පෙන්වන්නේ නැත.
قُلْ يَا أَيُّهَا الَّذِينَ هَادُوا إِن زَعَمْتُمْ أَنَّكُمْ أَوْلِيَاءُ لِلَّهِ مِن دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ
‘යුදෙව් වූවනී, සෙසු ජනයා නොව නුඹලා අල්ලාහ්ට ඉතා සමීපතයින් යනුවෙන් නුඹලා තරයේ සිතන්නේ නම් නුඹලා (නුඹලාගේ තර්කයේ) සත්යවාදීහු නම් නුඹලා මරණය අපේක්ෂා කරවු.’ යැයි (නබිවරය,) පවසවු.
وَلَا يَتَمَنَّوْنَهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ۚ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ
තවද ඔවුන්ගේ දෑත් පෙරටු කළ දෑ හේතුවෙන් කිසිවිටෙක ඔවුහු එ(ම මරණ)ය අපේක්ෂා නොකරන්නෝය. අල්ලාහ් අපරාධකාරයින් පිළිබඳව සර්වඥය.
3මෙය එවකට සිටි යුදෙව්වන්ට ලැබුනු ඉතා පහසු අභියෝගයකි. එනම්, ඔවුන්ට ඉතා ලෙහෙසියෙන් ‘අපි මරණය පි්රය කරන්නෙමු’ යැයි පැවසිය හැකි වුවද එසේ පැවසීමෙන් ඔවුන්ට ඉතා ඉක්මනින් මරණය ළඟා වී දිව්යමය දඬුවම් වලට ගොදුරු වනු ඇතැ’යි බියක් තිබුණි. එබැවින් ඔවුන් එසේ නොපැවසූහ.
قُلْ إِنَّ الْمَوْتَ الَّذِي تَفِرُّونَ مِنْهُ فَإِنَّهُ مُلَاقِيكُمْ ۖ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ
‘සැබැවින්ම නුඹලා කවර මරණයෙන් පලා දුවන්නේ ද නියත වශයෙන්ම එය නුඹලාව හමු වන්නේමය. පසුව ගුප්ත දෑ හා දෘෂ්යමාන දෑ (සියල්ල) දන්නා (අල්ලාහ්) වෙතට නුඹලා හරවා යවනු ලබන්නෝය. එවිට නුඹලා (මෙලොව) කරමින් සිටි දෑ(සියල්ල) පිළිබඳව ඔහු නුඹලාට දන්වන්නේය. ‘යැයි (නබිවරය,) පවසවු.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِن يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
විශ්වාස කළවුනි, ජුමුආ(සිකුරාදා) දිනයෙහි සලාතය සඳහා කැඳවනු ලැබූ කල්හි වෙළඳාම අතහැර අල්ලාහ්ව මෙනෙහි කිරීම පිණිස නුඹලා ඉක්මන් වවු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට ඉතා යහපත් වන්නේය.-
فَإِذَا قُضِيَتِ الصَّلَاةُ فَانتَشِرُوا فِي الْأَرْضِ وَابْتَغُوا مِن فَضْلِ اللَّهِ وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَّعَلَّكُمْ تُفْلِحُونَ
සලාතය අවසන් කරනු ලැබුවේ නම් මිහිතලයෙහි විසිර යවු. තවද අල්ලාහ්ගේ භාග්යය(සම්පත්) සොයා ගනිවු. අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කරවු, එමගින් නුඹලා ජයග්රාහකයින් විය හැක.
وَإِذَا رَأَوْا تِجَارَةً أَوْ لَهْوًا انفَضُّوا إِلَيْهَا وَتَرَكُوكَ قَائِمًا ۚ قُلْ مَا عِندَ اللَّهِ خَيْرٌ مِّنَ اللَّهْوِ وَمِنَ التِّجَارَةِ ۚ وَاللَّهُ خَيْرُ الرَّازِقِينَ
තවද ඔවුහු වෙළඳාමක් හෝ විනෝද කෙළියක් දුටුවේ නම් නුඹව සිට ගත් විලසින් අතහැර දමා ඒ වෙත දුවන්නෝය. ‘අල්ලාහ් අබියස ඇති දෑ විනෝද කෙළියට හා වෙළඳාමට වඩා අති ශ්රේෂ්ඨය. අල්ලාහ් ජීවින සම්පත් ලබා දීමෙහි අති ශ්රේෂ්ඨයා වන්නේ යැ’යි (නබිවරය,) පවසවු.
4සිකුරාදා දින නබි මුහම්මද් තුමාණන් ජුමුආ දේශනාව කරමින් සිටිය දී මදීනා නගරයට ව්යාපාර කණඩායමක් පැමිණියෝය. ඔවුන් පාරිභෝගිකයින් ආකර්ෂණය කිරීම පිණිස විනෝද කෙළියක් ද ගෙන ආවෝය. මින් ආකර්ෂණය වූ ඇතැම් මුස්ලිම්වරුන් ජුමුආ දේශනාව අතහැර ගියෝය. මෙම ආයතය එම සන්දර්භය මුල් කොටගෙන පහළ වූවකි.