الصف

අස්-සෆ්

الصف

අස්-සෆ් · As-Saf

මදීනී14 පද්‍ය
1

سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ අල්ලාහ්ව පිවිතුරු කරති. ඔහු අති බල සම්පන්නය. සර්ව ප්රඥාවන්තය.
2

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ

විශ්වාස කළවුනි, නුඹලා නොකරන දැයක් (පිළිබඳව) පවසන්නේ මන් ද?
3

كَبُرَ مَقْتًا عِندَ اللَّهِ أَن تَقُولُوا مَا لَا تَفْعَلُونَ

නුඹලා නොකරන දැයක් පැවසීම අල්ලාහ් අබියස ඉමහත් පිළිකුලක් විය.
4

إِنَّ اللَّهَ يُحِبُّ الَّذِينَ يُقَاتِلُونَ فِي سَبِيلِهِ صَفًّا كَأَنَّهُم بُنْيَانٌ مَّرْصُوصٌ

සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මාර්ගයේ පෙළ ගැසී සටන් වදින්නන්ව ප්රිය කරන්නේය. සැබැවින්ම ඔවුහු එකිනෙකට බැඳුනු (බලගතු) ගොඩනැගිල්ලක් මෙනි.
5

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ يَا قَوْمِ لِمَ تُؤْذُونَنِي وَقَد تَّعْلَمُونَ أَنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ ۖ فَلَمَّا زَاغُوا أَزَاغَ اللَّهُ قُلُوبَهُمْ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ

තවද මූසා තම ජනයාට ‘මාගේ ජනයිනි, සැබැවින්ම මම නුඹලා වෙත (එවනු ලැබූ) අල්ලාහ්ගේ රසූල්වරයා බව නුඹලා දැන සිටියදී මා හට හිංසා කරනුයේ මන්දැ?’යි පැවසූ අවස්ථාව (සිහිපත් කරවු). එබැවින් ඔවුන් (ඍජු මගින්) ඉවත්ව ගිය විට අල්ලාහ් ඔවුන්ගේ හදවත් (ඍජු මගින්) ඉවත් වීමට ඉඩ හැරියේය. තවද පාපතර පිරිසට අල්ලාහ් යහමග පෙන්වන්නේ නැත.
6

وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُم مُّصَدِّقًا لِّمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِن بَعْدِي اسْمُهُ أَحْمَدُ ۖ فَلَمَّا جَاءَهُم بِالْبَيِّنَاتِ قَالُوا هَـٰذَا سِحْرٌ مُّبِينٌ

මර්යම්ගේ පුත් ඊසා ‘ඉස්රාඊල්ගේ දරුවනි, සැබැවින්ම මම නුඹලා වෙත (එවනු ලැබූ) අල්ලාහ්ගේ රසූල්වරයෙක් වෙමි. මට පෙර (පහළ) වූ තව්රාතය සත්ය කරන්නෙකු වශයෙන් ද මට පසුව පැමිණෙන්නා වූ ඔහුගේ නම අහ්මද් (වූ) රසූල්වරයා 1 පිළිබඳව සුබාරංචි පවසන්නෙකු වශයෙන් ද (මම එවනු ලැබූවෙමි)’ යැයි පැවසූ අවස්ථාව (සිහිපත් කරවු). එහෙත් ඔවුන් වෙත පැහැදිලි සංඥාවන් ඔහු ගෙන ආ කල්හි මෙය පැහැදිලි හූනියමකි’ යැයි ඔවුහු පැවසුවෝය.
1මෙය නබි ඊසා (ජේසු) තුමාණන් විසින් නබි මුහම්මද් තුමාණන් පිළිබඳව පවසන ලද අනාවැකියකි. (Gospel of John 14:16) මෙහි මූල ගී්රක වචනයෙහි අදහස වන්නේ ‘ප්රශංසාවට ලක් වූ තැනැත්තා’ යන්නයි. මෙය මුහම්මද් යන අරාබි වචනයට සමාන වන්නේය.
7

وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ الْكَذِبَ وَهُوَ يُدْعَىٰ إِلَى الْإِسْلَامِ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

තවද කෙනෙකු ඉස්ලාමය වෙත කැඳවනු ලැබූ අවස්ථාවේ අල්ලාහ් පිළිබඳව බොරු ගොතන්නේ ද ඔහුට වඩා දරුණු අපරාධකරුවා කවරෙක් ද? අපරාධකාර පිරිසට අල්ලාහ් යහමග පෙන්වන්නේ නැත.
8

يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

ඔවුහු තම මුවින් අල්ලාහ්ගේ ආලෝකය නිවාලීමට අදහස් කරති. නමුත් ප්රතික්ෂේපකයින් (එය) පිළිකුල් කළ ද අල්ලාහ් තම ආලෝකය පරිපූර්ණ කරන්නාය.
9

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

ආදේශකයන් පිළිකුල් කළ ද (අන්) සියලු දහම් වලට වඩා එය(ඉස්ලාමය) ඔහු උසස් කිරීම පිණිස ඔහුගේ රසූල්වරයාව යහමග හා සත්ය වූ දහම සමග එව්වේ ඔහුමය.
10

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا هَلْ أَدُلُّكُمْ عَلَىٰ تِجَارَةٍ تُنجِيكُم مِّنْ عَذَابٍ أَلِيمٍ

විශ්වාස කළවුනි, වේදනීය දඬුවමින් නුඹලාව ආරක්ෂා කරන්නා වූ ව්යාපාරයක් නුඹලාට මා දන්වන්නෙම් ද?
11

تُؤْمِنُونَ بِاللَّهِ وَرَسُولِهِ وَتُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِكُمْ وَأَنفُسِكُمْ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

(එනම්) නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරයාව ද විශ්වාස කර නුඹලාගේ ධනයෙන් ද නුඹලාගේ ප්රාණයෙන් ද අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද්(ප්රයත්නය) 2 කිරීමයි. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට ඉතා යහපත් වන්නේය.
2වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:218 හි පාද සටහන බලන්න.
12

يَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَيُدْخِلْكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ

(එසේ නුඹලා කළේ නම්) ඔහු නුඹලාගේ පාපයන් නුඹලාට ක්ෂමා කරන්නේය. තවද නුඹලාව (ස්වර්ග) උයන් වලට ඔහු ඇතුළු කරවන්නේය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. තවද සදාතනික වූ ස්වර්ග උයන්හි ඇති මනරම් වූ නවාතැන් වලට (ඔහු ඇතුළු කරවන්නේය). එයමය ඉමහත් ජයග්රහණය වන්නේ.
13

وَأُخْرَىٰ تُحِبُّونَهَا ۖ نَصْرٌ مِّنَ اللَّهِ وَفَتْحٌ قَرِيبٌ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ

තවද (ඔහු නුඹලාට දෙන) නුඹලා ප්රිය කරන තවත් දෙයක් නම් අල්ලාහ්ගෙන් වූ උපකාරය සහ සමීප ජයග්රහණයයි. තවද විශ්වාසවන්තයින්ට නුඹ ශුභාරංචි පවසවු.
14

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا أَنصَارَ اللَّهِ كَمَا قَالَ عِيسَى ابْنُ مَرْيَمَ لِلْحَوَارِيِّينَ مَنْ أَنصَارِي إِلَى اللَّهِ ۖ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ اللَّهِ ۖ فَآمَنَت طَّائِفَةٌ مِّن بَنِي إِسْرَائِيلَ وَكَفَرَت طَّائِفَةٌ ۖ فَأَيَّدْنَا الَّذِينَ آمَنُوا عَلَىٰ عَدُوِّهِمْ فَأَصْبَحُوا ظَاهِرِينَ

විශ්වාස කළවුනි, මර්යම්ගේ පුත් ඊසා තම අනුගාමිකයින්ගෙන් “අල්ලාහ්(ගේ දහම) වෙනුවෙන් මට උදව් කරන්නන් කවුරුන් දැ?”යි විමසූ අතර (ඊසාගේ) අනුගාමිකයින් “අපි අල්ලාහ්ගේ (දහමට) උදව්කරුවන් වෙමු”යි පැවසුවාක් මෙන් නුඹලා අල්ලාහ්ගේ (දහමට) උදවුකරුවන් වවු. ඉස්රාඊල්ගේ දරුවන්ගෙන් පිරිසක් විශ්වාස කළෝය. තවත් පිරිසක් ප්රතික්ෂේප කළෝය. විශ්වාස කළවුන්ව ඔවුන්ගේ සතුරන්ට එරෙහිව අපි ශක්තිමත් කළෙමු. එබැවින් ඔවුහු ජයග්රහකයින් වූහ.