الممتحنة

අල්-මුම්තහනා

الممتحنة

අල්-මුම්තහනා · Al-Mumtahanah

මදීනී13 පද්‍ය

හැඳින්වීම

මෙම සූරාව මක්කාවේ සිටි ප‍්‍රතික්ෂේපකයින් හා නබි මුහම්මද්* තුමාණන් අතර ඇති වූ හුදෙයිබියා නම් වූ සාම ගිවිසුම හා මක්කා ජයග‍්‍රහණය අතර කාලය තුළ පහළ වූවකි. එය ප‍්‍රධාන වශයෙන් කරුණු දෙකක් පහදා දෙයි. 1. හුදෙයිබියා ගිවිසුමට අනුව පුද්ගලයෙක් ඉස්ලාමය වැලඳ ගෙන මක්කා නගරයෙන් මදීනා නගරයට පැමිණියේ නම් ඔහුව ආපසු හරවා යැවිය යුතුය. මෙය පිරිමින්ට පමණක් සීමා වුවද ඇතැම් ස්ත‍්‍රීන් මදීනාවට දේශාන්තරණය කළ විට ඔවුන්ගේ ඥාතීන් ඔවුන්ව නැවත හරවා යවන ලෙස ඉල්ලා සිටියෝය. මෙම සූරාවේ* ආයත් අංක 10 සිට 12 දක්වා මුස්ලිම්වරුන්ට ඔවුන්ව නැවත හරවා යැවිය නොහැකි බව තහවුරු කරයි. එනමුත් මොවුන්ගේ ඉස්ලාමයේ ස්ථිර භාවය තහවුරු කිරීම පිණිස මොවුන්ව පරීක්ෂණයකට ලක් කෙරිණ. එහෙයින් මෙම සූරාව ‘පරීක්ෂකයා’ යනුවෙන් නම් කරනු ලැබිණ. 2. මක්කාවාසී ප‍්‍රතික්ෂේපකයින් විසින් හුදෙයිබියා ගිවිසුම උල්ලංඝනය කිරීම හේතුවෙන් නබි මුහම්මද් තුමා එහි අවලංගු භාවය ප‍්‍රකාශ කර අල්ලාහ්ගේ අනුමැතිය අනුව මක්කා වාසීන් සමග තීරණාත්මක යුද්ධයක් ද ප‍්‍රකාශ කළේය. මෙම ප‍්‍රහාරය නබි මුහම්මද් තුමා විසින් රහසිගතව සිදු කිරීමට අපේක්ෂා කර තිබුණ ද ‘හාතිබ් බින් අබී බල්තආ’ නම් වැදගත් සහාබිවරයෙක්* මක්කාවේ සිටින තමන්ගේ ඥාතීන් ප‍්‍රතික්ෂේපකයන් විසින් හිංසාවට ලක් කරවන හෙයින් ඔවුන්ව මුදවා ගැනීමේ අරමුණින් මක්කා වාසීන්ට මෙම හදිසි ප‍්‍රහාරය පිළිබඳව ලිපියකින් දැනුම් දීමට කටයුතු කළේය. ඔහු මෙසේ කිරීමට හේතුව මෙම කි‍්‍රයාවෙන් මුස්ලිම්වරුන්ට කිසිඳු අලාභයක් සිදු නොවී ඔහුගේ ඥාතීන්ට යම් සහනයක් ඇති වනු ඇතැ’යි අවංකවම සිතූ හෙයිනි. මෙම ලිපිය පිළිබඳව අල්ලාහ් විසින් නබි මුහම්මද් තුමාණන්ට දැන් වූ අතර සහාබිවරුන්* එය මක්කාවට සේන්දු වීමට පෙර අත්පත් කර ගත්තෝය. මේ පිළිබඳව මෙම සහාබිවරයා නබි මුහම්මද් තුමාණන්ගෙන් සමාව ඉල්ලා සිටි අතර ඔහුගේ අවංක සිතුවිල්ල හේතුවෙන් එතුමා සමාව දුන්නේය. එබැවින් 1-9 දක්වා ආයතයන්හි ප‍්‍රතික්ෂේපකයින් සමග මිත‍්‍රත්වය තබා ගැනීම හා සම්බන්ධව සඳහන් වී ඇත.

1

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا عَدُوِّي وَعَدُوَّكُمْ أَوْلِيَاءَ تُلْقُونَ إِلَيْهِم بِالْمَوَدَّةِ وَقَدْ كَفَرُوا بِمَا جَاءَكُم مِّنَ الْحَقِّ يُخْرِجُونَ الرَّسُولَ وَإِيَّاكُمْ ۙ أَن تُؤْمِنُوا بِاللَّهِ رَبِّكُمْ إِن كُنتُمْ خَرَجْتُمْ جِهَادًا فِي سَبِيلِي وَابْتِغَاءَ مَرْضَاتِي ۚ تُسِرُّونَ إِلَيْهِم بِالْمَوَدَّةِ وَأَنَا أَعْلَمُ بِمَا أَخْفَيْتُمْ وَمَا أَعْلَنتُمْ ۚ وَمَن يَفْعَلْهُ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ

විශ්වාස කළවුනි, මාගේ මාර්ගයේ ජිහාද් කිරීම සඳහා ද මාගේ තෘප්තිය සෙවීම සඳහා ද නුඹලා බැහැර වූයේ නම් නුඹලා වෙත පැමිණි සත්යය සැබැවින්ම ඔවුන් ප්රතික්ෂේප කරමින් සිටිය දී මාගේ සතුරන්ව ද නුඹලාගේ සතුරන්ව ද තමන්ට හිතවත්කම් පාන්නා වූ මිතුරන් වශයෙන් නොගනිවු. 1 නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ව විශ්වාස කළ හේතුවෙන් රසූල්වරයාව ද නුඹලාව ද (මක්කාවෙන්) ඔවුන් බැහැර කළෝය. නුඹලා වසං කළ දෑ ද නුඹලා ප්රසිද්ධ කළ දෑ ද මම මැනවින් දනිමින් සිටිය දී නුඹලා ඔවුන් වෙත රහසින් හිතවත්කම් පාන්නෝය. නුඹලා අතුරින් කවරෙකු මෙසේ කරන්නේ ද සැබැවින්ම ඔහු යහ මගින් මංමුළා වන්නේය.
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 3:28 , 9:23 පාද සටහන් සමග බලන්න.
2

إِن يَثْقَفُوكُمْ يَكُونُوا لَكُمْ أَعْدَاءً وَيَبْسُطُوا إِلَيْكُمْ أَيْدِيَهُمْ وَأَلْسِنَتَهُم بِالسُّوءِ وَوَدُّوا لَوْ تَكْفُرُونَ

ඔවුහු නුඹලා කෙරෙහි ආධිපත්යය ලබන්නේ නම් ඔවුන් නුඹලාට සතුරන් වනු ඇත. තවද ඔවුන් නුඹලා වෙත ඔවුන්ගේ දෑත් හා දිවවල් නපුරු කමින් දිගු කරන්නෝය. තවද නුඹලා (සත්යය) ප්රතික්ෂේප කළ යුතු යැයි ඔවුහු ආශා කරති.
3

لَن تَنفَعَكُمْ أَرْحَامُكُمْ وَلَا أَوْلَادُكُمْ ۚ يَوْمَ الْقِيَامَةِ يَفْصِلُ بَيْنَكُمْ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

නුඹලාගේ ලේ ඥාතීන් හා නුඹලාගේ දරුවන් (මළවුන්) නැගිටුවනු ලබන දින නුඹලාට කිසිදු ඵලක් ලබා නොදෙන්නෝමය. නුඹලා අතර ඔහු(අල්ලාහ්) විනිශ්චය කරයි. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව සුපරික්ෂාකාරීය.
4

قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُ إِذْ قَالُوا لِقَوْمِهِمْ إِنَّا بُرَآءُ مِنكُمْ وَمِمَّا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَاءُ أَبَدًا حَتَّىٰ تُؤْمِنُوا بِاللَّهِ وَحْدَهُ إِلَّا قَوْلَ إِبْرَاهِيمَ لِأَبِيهِ لَأَسْتَغْفِرَنَّ لَكَ وَمَا أَمْلِكُ لَكَ مِنَ اللَّهِ مِن شَيْءٍ ۖ رَّبَّنَا عَلَيْكَ تَوَكَّلْنَا وَإِلَيْكَ أَنَبْنَا وَإِلَيْكَ الْمَصِيرُ

ඉබ්රාහීම් හා ඔහු සමග වූවන් තම පිරිසට “සැබැවින්ම නුඹලාගෙන් ද අල්ලාහ් හැර නුඹලා නැමදුම් කළ දැයින් ද අපි මිදුණෙමු. අපි නුඹලාව ප්රතික්ෂේප කළෙමු. තවද අල්ලාහ්වම පමණක් නුඹලා විශ්වාස කරන තුරු සදාකල් අප අතර හා නුඹලා අතර සතුරුකම හා ක්රෝධය හෙළි වන්නේය.” යැයි පැවසූ කල්හි සැබැවින්ම නුඹලාට අලංකාර වූ ආදර්ශයක් විය. “සැබැවින්ම මම ඔබ වෙනුවෙන් පාප ක්ෂමාව අයැදින්නෙමි. 2 තවද අල්ලාහ්ගෙන් අන් කිසිවක් ඔබ වෙනුවෙන් (කිරීමට) මම හැකියාවක් නොලද්දෙමි.” යැයි ඉබ්රාහිම් තම පියාට කළ ප්රකාශය හැර. අපගේ පරමාධිපතියාණනි, සියල්ල අපි භාරකර ඇත්තේ ඔබ කෙරෙහිමය. අප (උදව් පතා) හැරුනේ ඔබ වෙතමය. තවද අවසානයේ යොමු වන ස්ථානය ඔබ වෙතමය.
2නබි ඉබ්රාහීම් තුමාණන්ව පිළිපදින ලෙස අල්ලාහ් අණ කර ඇත. එනමුත් ඔහු තම ප්රතික්ෂේපක පියාට සමාව ඇයැදීම මෙම විධානයට ඇතුළත් නොවේ.
5

رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِّلَّذِينَ كَفَرُوا وَاغْفِرْ لَنَا رَبَّنَا ۖ إِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ

අපගේ පරමාධිපතියාණනි, ප්රතික්ෂේප කළවුන් මගින් අපව පරීක්ෂණයකට පත් නොකරනු මැනව. තවද අපට ක්ෂමා කරනු මැනව. අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔබමය අති බල සම්පන්න හා සර්ව ප්රඥාවන්ත වන්නේ.
6

لَقَدْ كَانَ لَكُمْ فِيهِمْ أُسْوَةٌ حَسَنَةٌ لِّمَن كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ ۚ وَمَن يَتَوَلَّ فَإِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

සැබැවින්ම අල්ලාහ්ව ද අවසාන දිනය ද (හමු වීම) අපේක්ෂා කරන්නන් වන නුඹලාට ඔවුන්ගේ(ඉබ්රාහීම්ගේ හා ඔහුගේ සමූහයාගේ) විෂයෙහි අලංකාර වූ ආදර්ශයක් ඇත. තවද කවරෙකු පිටු පාන්නේ ද සැබැවින්ම අල්ලාහ්මය (අවශ්යතාවන්ගෙන් තොර වූ) සර්ව සම්පූර්ණ හා සර්ව ප්රශංසා හිමිකරු වන්නේ.
7

عَسَى اللَّهُ أَن يَجْعَلَ بَيْنَكُمْ وَبَيْنَ الَّذِينَ عَادَيْتُم مِّنْهُم مَّوَدَّةً ۚ وَاللَّهُ قَدِيرٌ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ

නුඹලා අතර හා නුඹලා කවරෙකුට සතුරුකම් පාන්නේ ද ඔවුන් අතර හිතවත්කමක් ඇති වීම අල්ලාහ්ගෙන් බලාපොරොත්තු විය හැකිය. 3 අල්ලාහ් අති බලසම්පන්නය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
3මෙම ආයතය දේශාන්තරණය කළ මුස්ලිම්වරුන්ගේ ඇතැම් ඥාතීන් ඉදිරි අනාගතයේදී ඉස්ලාමය වැලඳ ගෙන මොවුන් සමග එක් වන බවට අනාවැකි පවසයි.
8

لَّا يَنْهَاكُمُ اللَّهُ عَنِ الَّذِينَ لَمْ يُقَاتِلُوكُمْ فِي الدِّينِ وَلَمْ يُخْرِجُوكُم مِّن دِيَارِكُمْ أَن تَبَرُّوهُمْ وَتُقْسِطُوا إِلَيْهِمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ

දහම හේතුවෙන් නුඹලා හා සටන් නොකළවුන්ට ද නුඹලාගේ නිවෙස් වලින් නුඹලාව බැහැර නොකළවුන්ට ද යහපත කිරීම හා යුක්ති ගරුකව කටයුතු කිරීමෙන් අල්ලාහ් නුඹලාව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුකව කටයුතු කරන්නන්ව ප්රිය කරන්නේය.
9

إِنَّمَا يَنْهَاكُمُ اللَّهُ عَنِ الَّذِينَ قَاتَلُوكُمْ فِي الدِّينِ وَأَخْرَجُوكُم مِّن دِيَارِكُمْ وَظَاهَرُوا عَلَىٰ إِخْرَاجِكُمْ أَن تَوَلَّوْهُمْ ۚ وَمَن يَتَوَلَّهُمْ فَأُولَـٰئِكَ هُمُ الظَّالِمُونَ

සැබැවින්ම අල්ලාහ් නුඹලාට වළක්වනුයේම දහම හේතුවෙන් නුඹලා හා සටන් කළවුන් සමග ද නුඹලාව නුඹලාගේ නිවෙස් වලින් බැහැර කළවුන් සමග ද නුඹලාව බැහැර කිරීමට උපකාර කළවුන් සමග ද මිතුදම් පෑම( පමණ)යි. 4 කවුරුන් ඔවුන් සමග මිතුදම් පාන්නේ ද ඔවුන්මය අපරාධ කළවුන් වන්නේ.
4වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 3:28 , 9:23 පාද සටහන් සමග බලන්න.
10

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا جَاءَكُمُ الْمُؤْمِنَاتُ مُهَاجِرَاتٍ فَامْتَحِنُوهُنَّ ۖ اللَّهُ أَعْلَمُ بِإِيمَانِهِنَّ ۖ فَإِنْ عَلِمْتُمُوهُنَّ مُؤْمِنَاتٍ فَلَا تَرْجِعُوهُنَّ إِلَى الْكُفَّارِ ۖ لَا هُنَّ حِلٌّ لَّهُمْ وَلَا هُمْ يَحِلُّونَ لَهُنَّ ۖ وَآتُوهُم مَّا أَنفَقُوا ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ أَن تَنكِحُوهُنَّ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ ۚ وَلَا تُمْسِكُوا بِعِصَمِ الْكَوَافِرِ وَاسْأَلُوا مَا أَنفَقْتُمْ وَلْيَسْأَلُوا مَا أَنفَقُوا ۚ ذَٰلِكُمْ حُكْمُ اللَّهِ ۖ يَحْكُمُ بَيْنَكُمْ ۚ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ

විශ්වාස කළවුනි, විශ්වාසවන්තියන් දේශාන්තරණය කරන්නන් ලෙස නුඹලා වෙත පැමිණියේ නම් ඔවුන්ව පරීක්ෂා කරවු. අල්ලාහ් ඔවුන්ගේ විශ්වාසය පිළිබඳව මැනවින් දන්නාය. ඔවුන් විශ්වාසවන්තියන් බව නුඹලා දැන ගත්තේ නම් ප්රතික්ෂේපකයින් වෙත ඔවුන්ව නැවත හරවා නොයවවු. 5 මොවුන්(ස්ත්රීන්) ඔවුනට අනුමත (වූ අය) නොවෙති. ඔවුහු ද මොවුන්ට(ස්තී්රන්ට) අනුමත (වූ අය) නොවෙති. (ප්රතික්ෂේප කළ) ඔවුන්(මෙම ස්තී්රන්ට) වියදම් කළ දෑ(මහ්රය) ඔවුන්ට(ප්රතික්ෂේපකයින්ට) නුඹලා ලබා දෙවු. ඔවුනට(ස්තී්රන්ට) ගෙවිය යුතු මහ්රය ඔවුනට(ස්තී්රන්ට) දුන්නේ නම් ඔවුන් හා විවාහ වීම නුඹලා කෙරෙහි වරදක් නැත. 6 තවද නුඹලා ප්රතික්ෂේප කරන්නියන්ගේ විවාහ බන්ධනය රඳවා නොගනිවු. 7 නුඹලා වියදම් කළ දෑ(මහ්රය) ඔවුන්ගෙන්(මෙම ස්තී්රන්ගේ මුස්ලිම් නොවන ස්වාමි පුරුෂයින්ගෙන්) ඉල්ලා ගනිවු. ඔවුන්(මුස්ලිම් ස්තී්රන්ගේ මුස්ලිම් නොවන නව පෙර ස්වාමි පුරුෂයන්) වියදම් කළ දෑ ඔවුන් (නුඹලාගෙන්) ඉල්ලා ගත යුතුයි. එය අල්ලාහ්ගේ තීන්දුවයි. ඔහු නුඹලා අතර තීන්දු දෙන්නේය. තවද අල්ලාහ් සර්වඥය, සර්ව ප්රඥාවන්තය.
5මෙම සූරාවේ හැඳින්වීමේ පළමු වන කරුණ බලන්න.
6මෙම ස්ත්රීන්ගේ මුස්ලිම් නොවන ස්වාමි පුරුෂයන් සමග වූ විවාහ බන්ධනය නෛතික අවශ්යතාවය උදෙසා එම ස්වාමි පුරුෂයන්ගේ කැමැත්තෙන් තොරව නිබන්ධනය වන හෙයින් එම කාන්තාවන්ගේ මුස්ලිම් නොවන ස්වාමි පුරුෂයන් ඔවුනට ලබා දුන් මහ්රය නැවත ලබා දීම ඔවුනට ඉටු විය යුතු සාධාරණය වේ.
7මෙම ආයතයට පෙර මුස්ලිම්වරුන්ට මිථ්යාදෘෂ්ටික ස්තී්රන් සමග විවාහ වීම හා තිබූ විවාහය පවත්වා ගෙන යෑමට අනුමැතිය තිබුණ ද මින් ඉදිරියට එසේ කළ නොහැකි බව මෙයින් තහවුරු කර ඇත.
11

وَإِن فَاتَكُمْ شَيْءٌ مِّنْ أَزْوَاجِكُمْ إِلَى الْكُفَّارِ فَعَاقَبْتُمْ فَآتُوا الَّذِينَ ذَهَبَتْ أَزْوَاجُهُم مِّثْلَ مَا أَنفَقُوا ۚ وَاتَّقُوا اللَّهَ الَّذِي أَنتُم بِهِ مُؤْمِنُونَ

නුඹලාගේ භාර්යාවන්ගෙන් කවරෙකු හෝ නුඹලාව (ද ඉස්ලාමය ද) අත හැර ප්රතික්ෂේපකයින් වෙත ගොස් පසුව නුඹලාට (ප්රතික්ෂේපක ස්තී්රන්ව මුස්ලිම් ස්තී්රන් ලෙස නැවත ලැබීමට) අවස්ථාවක් ලැබුනේ නම්, කවරෙකුගේ භාර්යාවන් (මුස්ලිම්වරුන් වෙත) ගියේද ඔවුන් (එනම් ප්රතික්ෂේපක ස්වාමි පුරුෂයන්) වියදම් කළ දෑ(මහ්රය) හා සමානව ඔවුන් (එනම් ප්රතික්ෂේපක ස්වාමි පුරුෂයන්) හට නුඹලා ලබා දෙවු. 8 තවද නුඹලා විශ්වාස කරන්නා වූ අල්ලාහ්ට බිය භක්තිමත් වවු.
8මුස්ලිම්වරුන්ගේ ප්රතික්ෂේපක භාර්යාවන් ඉස්ලාමය වැලඳ නොගෙන ප්රතික්ෂේපකයින් වෙත ගියේ නම් 10 වන ආයතයට අනුව ඔවුන්ගේ මුස්ලිම් නොවන නව ස්වාමි පුරුෂයන් ඔවුන්ගේ පෙර මුස්ලිම් ස්වාමි පුරුෂයන්ට ඔවුන් වියදම් කළ මහ්රය ලබා දීම අනිවාර්යය වුවද ප්රතික්ෂේපකයින් එයට එකඟ නොවූහ. නමුත් ප්රතික්ෂේපකයින්ගේ භාර්යාවන් ඉස්ලාමය වැලඳ ගෙන මුස්ලිම්වරුන් වෙත පැමිණියේ නම් ප්රතික්ෂේපකයින් මෙන් නොව ඔවුන්ගේ පෙර ස්වාමි පුරුෂයන් වියදම් කළ මහ්රය ඔවුන්ගේ නව මුස්ලිම් ස්වාමි පුරුෂයන් දිය යුතු යැයි මෙම ආයතය තහවුරු කරයි.
12

يَا أَيُّهَا النَّبِيُّ إِذَا جَاءَكَ الْمُؤْمِنَاتُ يُبَايِعْنَكَ عَلَىٰ أَن لَّا يُشْرِكْنَ بِاللَّهِ شَيْئًا وَلَا يَسْرِقْنَ وَلَا يَزْنِينَ وَلَا يَقْتُلْنَ أَوْلَادَهُنَّ وَلَا يَأْتِينَ بِبُهْتَانٍ يَفْتَرِينَهُ بَيْنَ أَيْدِيهِنَّ وَأَرْجُلِهِنَّ وَلَا يَعْصِينَكَ فِي مَعْرُوفٍ ۙ فَبَايِعْهُنَّ وَاسْتَغْفِرْ لَهُنَّ اللَّهَ ۖ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

නබිවරය, විශ්වාසවන්තියන් නුඹ වෙත පැමිණ අල්ලාහ්ට කිසිවක් අදේශ නොකරන බවටත් සොරකම් නොකරන බවටත් දුරාචාරයේ නොයෙදෙන බවටත් තමන්ගේ දරුවන් මරා නොදමන බවටත් 9 තමන්ගේ දෑත් හා දෙපා අතර ගෙතූ බොරුවක් 10 (තම සැමියා මත) නොපටවන බවටත් යහකම්හි නුඹට පිටුනොපාන බවටත් නුඹ ඉදිරියේ බයිඅත්(ප්රතිඥා) දුන්නේ නම් ඔවුන්ගේ බයිඅතය නුඹ පිළිගනිවු. ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව ඇයැදිවු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය.
9දරුවන් මරා දැමීම යනු ජාහිලිය්යා කාලයේ එනම් අඥාන යුගයේ ගැහැනු දරුවන් පණ පිටින් වැළලීම හෝ දිළිඳු බව හේතුවෙන් දරුවන්ව මරා දැමීම වේ.
10‘දෑත් හා දෙපා අතර ගෙතූ බොරුව’ යන්නෙන් අදහස් වනුයේ ස්ති්රයක් තමාගෙන් බිහි වූ අවජාතක දරුවෙකු තම සැමියාට දාව උපන් දරුවකු බව ව්යාජ ලෙස තරයේ ප්රකාශ කර සිටීමයි.
13

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَوَلَّوْا قَوْمًا غَضِبَ اللَّهُ عَلَيْهِمْ قَدْ يَئِسُوا مِنَ الْآخِرَةِ كَمَا يَئِسَ الْكُفَّارُ مِنْ أَصْحَابِ الْقُبُورِ

විශ්වාස කළවුනි, අල්ලාහ් ඔවුන් මත කෝප වූ පිරිසක්(යුදෙව්වන්) නුඹ මිතුරන් කර නොගනිවු. 11 සොහොන් වාසීන්ගෙන් වූ ප්රතික්ෂේපකයින් බලාපොරොත්තු සුන් වූවාක් මෙන් ඔවුන් ද පරමාන්ත දිනය පිළිබඳව බලාපොරොත්තු සුන් වී ඇත. 12
11වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 3:28 , 9:23 පාද සටහන් සමග බලන්න.
12මෙහි සඳහන් වන්නේ මදීනා නගරයේ වාසය කළ යුදෙව්වන් පිළිබඳවයි. අල්ලාහ් ඔවුන් සමග කෝපයට පත් වී ඇත යැයි අල් කුර්ආන් 5:80 වන ආයතයෙහි සඳහන් වී ඇත.