ق ۚ وَالْقُرْآنِ الْمَجِيدِ
කාෆ්. කීර්තිමත් අල් කුර්ආනය මත දිවුරමින්
1වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:1 ආයතයේ පාද සටහන බලන්න.
بَلْ عَجِبُوا أَن جَاءَهُم مُّنذِرٌ مِّنْهُمْ فَقَالَ الْكَافِرُونَ هَـٰذَا شَيْءٌ عَجِيبٌ
(නුඹව රසූල්වරයෙකු වශයෙන් යවනු ලැබ ඇත) එනමුත් ඔවුන් අතුරින් අවවාද කරන්නෙක් ඔවුන් වෙත පැමිණීම පිළිබඳව ඔවුහු(ප්රතික්ෂේපකයින්) මවිතයට පත් වූවෝය. තවද ප්රතික්ෂේප කළවුන් (මෙසේ) පැවසුවෝය “මෙය විස්මිත දැයකි
أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا ۖ ذَٰلِكَ رَجْعٌ بَعِيدٌ
අප මරණයට පත් වී පස් බවට පත් වූ පසුවත් (නැවත නැගිටවනු ලබන්නේ) ද? එය (බුද්ධියට) දුරස්ත වූ යළි පැමිණීමකි.”
قَدْ عَلِمْنَا مَا تَنقُصُ الْأَرْضُ مِنْهُمْ ۖ وَعِندَنَا كِتَابٌ حَفِيظٌ
(ඔවුන්ගේ මරණයට පසු) ඔවුන්ගෙ( ශරීරයෙ)න් මිහිතලය (දිරාපත් කර) අඩු කරන්නා දෑ සැබැවින්ම අපි දනිමු. තවද (සියලු කරුණු) සුරක්ෂිතව ඇති ලේඛනය අප අබියසය.
2මළවුන් මහ පොළොවේම දිරාපත් වී යන හෙයින් යළි මරණින් මතු ජීවිතයක් නැත යැයි ප්රතික්ෂේපකයින් පවසමින් සිටියෝය. මිනිසාට නැවත ජීවිතයක් ලැබීම යනු ඔවුන්ගේ දැනුමට අනුව මනඃකල්පිත විෂයකි. එහෙයින් ඊට පිළිතුරක් වශයෙන් මළ සිරුර පොළොවෙහි කොපමණ කාල පරාසයක් දිරාපත් වන්නේ ද යන්නෙහි පරිපූර්ණ දැනුම අල්ලාහ් සතු වූවක් යැයි මෙම වැකියෙන් අවධාරණය කෙරෙයි. පෙර නිදසුනකින් තොරව මිනිසාව මැවූ අල්ලාහ්ට මරණින් මතු ජීවිතයක් නැවත ලබා දීම අපහසු කාර්යයක් නොවේ.
بَلْ كَذَّبُوا بِالْحَقِّ لَمَّا جَاءَهُمْ فَهُمْ فِي أَمْرٍ مَّرِيجٍ
නමුත් සත්යය ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුහු එය අසත්යය කළෝය. එබැවින් ඔවුහු (සත්යය හා අසත්යය වෙන් කර හඳුනා ගත නොහැකි) ව්යාකූල තත්ත්වයක සිටින්නෝය.
أَفَلَمْ يَنظُرُوا إِلَى السَّمَاءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَاهَا وَزَيَّنَّاهَا وَمَا لَهَا مِن فُرُوجٍ
ඔවුන්ට ඉහළින් ඇති අහස දෙස, ‘එය අපි කෙසේ තනා එහි පලුදු කිසිවක් නොමැතිව එය අලංකාර කර ඇත්තෙමු දැ’යි ඔවුන් නොබැලුවෝ ද?
وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ بَهِيجٍ
තවද මිහිතලය, අපි එය එළා එහි කඳු ස්ථිර ලෙස පිහිටෙව්වෙමු (දැයි ඔවුන් නොබැලුවෝ ද?) තවද සියලු අලංකාර වර්ගයෙන් (යුත් දෑ) එහි අපි හට ගැන්වූයෙමු.
تَبْصِرَةً وَذِكْرَىٰ لِكُلِّ عَبْدٍ مُّنِيبٍ
(මෙය අප වෙත) නැඹුරු වන සෑම ගැත්තෙකුට දැක්මක් හා මෙනෙහි කිරීමක් වශයෙනි.
وَنَزَّلْنَا مِنَ السَّمَاءِ مَاءً مُّبَارَكًا فَأَنبَتْنَا بِهِ جَنَّاتٍ وَحَبَّ الْحَصِيدِ
තවද අභිවෘද්ධිමත් (වැසි) ජලය අහසින් අපි පහළ කළෙමු. පසුව එමගින් උයන් ද නෙළනු ලබන ධාන්ය ද හට ගැන්වූයෙමු.
وَالنَّخْلَ بَاسِقَاتٍ لَّهَا طَلْعٌ نَّضِيدٌ
තවද එහි එකිනෙකට බැඳුණු පොකුරු වලින් යුත් උස් වූ ඉඳි ගස් ද (හට ගැන්වූයෙමු.)
رِّزْقًا لِّلْعِبَادِ ۖ وَأَحْيَيْنَا بِهِ بَلْدَةً مَّيْتًا ۚ كَذَٰلِكَ الْخُرُوجُ
(එය) ගැත්තන්ට ආහාරයක් වශයෙනි. තවද අපි (ගහ කොළ නොවැඩුණු) නැසී ගිය ප්රදේශයක් එමගින් ප්රාණවත් කළෙමු. (මළගියවුන්ට විනිශ්චය දිනයේ ජීවය ලබා දී) බැහැර කිරීම ද එලෙසමය.
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَأَصْحَابُ الرَّسِّ وَثَمُودُ
නූහ්ගේ පිරිස ද රස්හි වැසියන් ද සමූද්වරුන් ද ආද්වරුන් ද ෆිර්අවුන් ද ලූත්ගේ සහෝදරයින් ද වනරොදෙහි වැසියන්( වන ෂුඅයිබ්ගේ පිරිස) ද තුබ්බඃගේ පිරිස ද (මක්කාවාසී වූ) මොවුන්ට පෙර අසත්යය කළෝය. මොවුන් සියල්ලෝම (තමතමන්ගේ) රසූල්වරුන්ව අසත්යය කළෝය. එබැවින් මාගේ අනතුරු ඇඟවීම සැබෑ විය.
3වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 25:38 හා එහි පාද සටහන බලන්න.
4වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 7:59-93 හා එහි පාද සටහන් බලන්න.
5යෙමනයේ විසූ රජ වරයෙකි. ඔහු ඉස්ලාමය වැලඳ ගත් පසු තම ජනයාව ද ඒ වෙත කැඳෙව්වේය. නමුත් ඔවුන් ඉස්ලාමය ප්රතික්ෂේප කළෝය. වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 44:37 බලන්න.
وَعَادٌ وَفِرْعَوْنُ وَإِخْوَانُ لُوطٍ
නූහ්ගේ පිරිස ද රස්හි වැසියන් ද සමූද්වරුන් ද ආද්වරුන් ද ෆිර්අවුන් ද ලූත්ගේ සහෝදරයින් ද වනරොදෙහි වැසියන්( වන ෂුඅයිබ්ගේ පිරිස) ද තුබ්බඃගේ පිරිස ද (මක්කාවාසී වූ) මොවුන්ට පෙර අසත්යය කළෝය. මොවුන් සියල්ලෝම (තමතමන්ගේ) රසූල්වරුන්ව අසත්යය කළෝය. එබැවින් මාගේ අනතුරු ඇඟවීම සැබෑ විය.
وَأَصْحَابُ الْأَيْكَةِ وَقَوْمُ تُبَّعٍ ۚ كُلٌّ كَذَّبَ الرُّسُلَ فَحَقَّ وَعِيدِ
නූහ්ගේ පිරිස ද රස්හි වැසියන් ද සමූද්වරුන් ද ආද්වරුන් ද ෆිර්අවුන් ද ලූත්ගේ සහෝදරයින් ද වනරොදෙහි වැසියන්( වන ෂුඅයිබ්ගේ පිරිස) ද තුබ්බඃගේ පිරිස ද (මක්කාවාසී වූ) මොවුන්ට පෙර අසත්යය කළෝය. මොවුන් සියල්ලෝම (තමතමන්ගේ) රසූල්වරුන්ව අසත්යය කළෝය. එබැවින් මාගේ අනතුරු ඇඟවීම සැබෑ විය.
أَفَعَيِينَا بِالْخَلْقِ الْأَوَّلِ ۚ بَلْ هُمْ فِي لَبْسٍ مِّنْ خَلْقٍ جَدِيدٍ
ප්රථම මැවීමෙන් අපි වෙහෙසට පත් වුණෙමු ද? නැත. (එනමුත්) ඔවුන් (විනිශ්චය දිනයේ) අලුතින් (ඔවුන්ව) මවනු ලැබීම පිළිබඳව ව්යාකූලත්වයෙහි පසු වෙති.
وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ ۖ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ
තවද සැබැවින්ම අපි මිනිසා මැව්වෙමු. ඔහුගේ චෛතසිකය ඔහුට කොඳුරන දෑ අපි දනිමු. තවද අපි (ගෙලෙහි) මන්යා ශිරාවට වඩා ඔහුට සමීපයෙන් සිටින්නෙමු.
6වැඩි විස්තර සඳහා අල් කුර්ආන් 2:186 හි පාද සටහන බලන්න.
إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ
දකුණු පසින් ද වම් පසින් ද හිඳ සටහන් කරන දෙදෙනා සටහන් කරන අවස්ථාව (සිහිපත් කරවු)
7මිනිසාගේ සියලු ක්රියා පිළිබඳව අල්ලාහ් සර්වඥ වුව ද ඔහු සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් තොරව කිසිවෙකු හෝ දඬුවමට භාජනය නොකරයි. එබැවින් සෑම මිනිසෙකුගේම යහ අයහ ක්රියාවන් සටහන් කිරීම පිණිස මලක්වරුන් දෙදෙනෙකු පත් කර ඇති අතර විනිශ්චය දිනයේ අල්ලාහ් ප්රශ්න විමසන විට සෑම කෙනෙකුටම තමන්ගේ ක්රියා ලේඛනය පෙන්වනු ලබන්නේ එහෙයිනි.
مَّا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ
ඔහු(මිනිසා) අබියස සිටින නිරීක්ෂකයකු (සටහන් කිරීමට) සූදානමින් සිටීම මිස ඔහු කිසිදු වදනක් උච්චාරණය නොකරයි.
وَجَاءَتْ سَكْرَةُ الْمَوْتِ بِالْحَقِّ ۖ ذَٰلِكَ مَا كُنتَ مِنْهُ تَحِيدُ
තවද (ඔහුගේ) මරණාසන්න සිහි වියවුල සත්ය (විෂයන් සිහිකර පෙන්වීමක්) සමග එන්නේය. මෙය නුඹලා කුමකින් පලා යන්නට වෑයම් කරමින් සිටියේ ද එයයි.
وَنُفِخَ فِي الصُّورِ ۚ ذَٰلِكَ يَوْمُ الْوَعِيدِ
තවද (මළවුන් නැගිටු වීම සඳහා) හොරණෑව පිඹිනු ලැබේ. එය (මෙලොව ජීවිතයෙහි) අනතුරු අඟවමින් සිටි දිනයයි.
وَجَاءَتْ كُلُّ نَفْسٍ مَّعَهَا سَائِقٌ وَشَهِيدٌ
සෑම කෙනෙකුම (විනිශ්චය සඳහා ඔහුව) රැගෙන එන්නෙකු හා සාක්ෂිකරුවෙකු (වූ මලක්වරුන්) සමග පැමිණෙයි.
لَّقَدْ كُنتَ فِي غَفْلَةٍ مِّنْ هَـٰذَا فَكَشَفْنَا عَنكَ غِطَاءَكَ فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ
සැබැවින්ම නුඹ මේ පිළිබඳව අනවධානීව සිටියෙහිය. පසුව නුඹගේ තිරය (මරණාසන්න මොහොතෙහි) අපි නුඹගෙන් නිරාවරණය කළෙමු. එබැවින් අද දින නුඹගේ බැල්ම තියුණුය.
وَقَالَ قَرِينُهُ هَـٰذَا مَا لَدَيَّ عَتِيدٌ
තවද “මා සතුව සූදානම්ව ඇති දෑ(වාර්තාව) මෙය” යැයි ඔහුගේ (ක්රියා සටහන් කළ) සමීපතයා(මලක්වරයා) පවසයි.
أَلْقِيَا فِي جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٍ
“මුරණ්ඩු වූ ප්රතික්ෂේප කළ යහපත වළක්වාලූ සීමාව ඉක්මවාලීය (සත්ය දහම) සැක කළ සෑම කෙනෙකුම නුඹලා නිරයට ඇද දමවු.” (යැයි කියනු ලැබේ)
مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ مُّرِيبٍ
“මුරණ්ඩු වූ ප්රතික්ෂේප කළ යහපත වළක්වාලූ සීමාව ඉක්මවාලීය (සත්ය දහම) සැක කළ සෑම කෙනෙකුම නුඹලා නිරයට ඇද දමවු.” (යැයි කියනු ලැබේ)
الَّذِي جَعَلَ مَعَ اللَّهِ إِلَـٰهًا آخَرَ فَأَلْقِيَاهُ فِي الْعَذَابِ الشَّدِيدِ
ඔහු අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු පත් කර ගත් අයෙකි. එබැවින් දරුණු දඬුවමෙහි ඔහුව ඇද දමවු.
قَالَ قَرِينُهُ رَبَّنَا مَا أَطْغَيْتُهُ وَلَـٰكِن كَانَ فِي ضَلَالٍ بَعِيدٍ
(ඔහුව නොමග යැවූ) ඔහුගේ සමීපතයා(ෂෙයිතාන් එදින) ‘අපගේ පරමාධිපතියාණනි, මම ඔහුව සීමාව ඉක්ම වීමට නොසැලැස්සුවෙමි. නමුත් (යහ මගින්) දුරස්ථ වූ මුළාවෙහි වූයේ ඔහුමය’ යැයි පවසයි.
8ප්රතික්ෂේපකයින් විනිශ්චය දිනයේ දී තමන්ට සිදු වන දඬුවම දුටු සැණින් තමන්ව නොමග යැව්වේ ෂෙයිතාන් යැයි ද අප වෙනුවෙන් ඔහුට දඬුවම් කරන මෙන් ද ඔවුන් කන්නලව් කරති. එම මොහොතෙහි ෂෙයිතාන් එසේ පවසනු ඇත.
قَالَ لَا تَخْتَصِمُوا لَدَيَّ وَقَدْ قَدَّمْتُ إِلَيْكُم بِالْوَعِيدِ
“නුඹලා මා අබියස වාද නොකරවු. තවද සැබැවින්ම නුඹලා වෙත අනතුරු ඇඟවීම මම කලින්ම සිදු කර ඇත්තෙමි. මා අබියස වූ එම වචනය වෙනස් නොවෙයි. තවද මම ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවෙමි.” යැයි ඔහු(අල්ලාහ්) පවසන්නේය.
مَا يُبَدَّلُ الْقَوْلُ لَدَيَّ وَمَا أَنَا بِظَلَّامٍ لِّلْعَبِيدِ
“නුඹලා මා අබියස වාද නොකරවු. තවද සැබැවින්ම නුඹලා වෙත අනතුරු ඇඟවීම මම කලින්ම සිදු කර ඇත්තෙමි. මා අබියස වූ එම වචනය වෙනස් නොවෙයි. තවද මම ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවෙමි.” යැයි ඔහු(අල්ලාහ්) පවසන්නේය.
يَوْمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ امْتَلَأْتِ وَتَقُولُ هَلْ مِن مَّزِيدٍ
“නුඹ පිරුණෙහි දැ?”යි නිරයෙන් අප විමසන දින “තවත් වැඩිපුර යමක් ඇත් දැ?”යි (නිරය) පවසයි.
وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ غَيْرَ بَعِيدٍ
තවද බිය භක්තිකයින්ට දුරස්ථ නොකොට ස්වර්ගය සමීප කරනු ලැබේ.
هَـٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٍ
“මෙය නුඹලාට ප්රතිඥා දෙනු ලැබූවකි. (මෙය අල්ලාහ් වෙතට) යොමු වී (තම දහම) ආරක්ෂා කර ගත් සැමටත් අදෘශ්යමානව (සිටින්නා වූ) පරම කරුණා භරිත( අල්ලාහ්)ට බිය වී තවද (ඔහු වෙතට) යොමු වූ හදවතකින් පැමිණෙන සැමටත් හිමිය.”
مَّنْ خَشِيَ الرَّحْمَـٰنَ بِالْغَيْبِ وَجَاءَ بِقَلْبٍ مُّنِيبٍ
“මෙය නුඹලාට ප්රතිඥා දෙනු ලැබූවකි. (මෙය අල්ලාහ් වෙතට) යොමු වී (තම දහම) ආරක්ෂා කර ගත් සැමටත් අදෘශ්යමානව (සිටින්නා වූ) පරම කරුණා භරිත( අල්ලාහ්)ට බිය වී තවද (ඔහු වෙතට) යොමු වූ හදවතකින් පැමිණෙන සැමටත් හිමිය.”
ادْخُلُوهَا بِسَلَامٍ ۖ ذَٰلِكَ يَوْمُ الْخُلُودِ
“නුඹලා ශාන්තියෙන් එයට ඇතුළු වවු. මෙය සදාතනික දිනයයි.” (යන්නෙන් ඔවුනට පවසනු ලැබේ.)
لَهُم مَّا يَشَاءُونَ فِيهَا وَلَدَيْنَا مَزِيدٌ
ඔවුන් එහි සිතන පතන දෑ ඔවුන්ට හිමිය. තවද අප වෙත (මීට) වැඩියෙන් ද ඇත.
9මෙම ආයතයෙහි ‘වැඩියෙන් ද ඇත’ යන පදයේ අදහස අල්ලාහ්ව හමු වීමේ භාග්යය යැයි නොයෙකුත් විද්වතුන් අර්ථකථනය කර ඇත. වැඩි විස්තර සඳහා දහ වන සූරාවෙහි 26 වන පාද සටහන බලන්න.
وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَشَدُّ مِنْهُم بَطْشًا فَنَقَّبُوا فِي الْبِلَادِ هَلْ مِن مَّحِيصٍ
බලයෙන් ඔවුන්ට වඩා ඉතා දැඩි වූ කෙතරම් සමූහයන් ඔවුන්ට පෙර අපි විනාශ කර ඇත්තෙමු ද? ඔවුන් (ආරක්ෂාව සොයා බොහෝ) නගරයන් හි සැරිසැරුවෝය. (ඔවුනට) ගැලවුම් මගක් තිබුණේ ද?
إِنَّ فِي ذَٰلِكَ لَذِكْرَىٰ لِمَن كَانَ لَهُ قَلْبٌ أَوْ أَلْقَى السَّمْعَ وَهُوَ شَهِيدٌ
කවරෙකුට හදවතක් ඇත්තේද නැතහොත් ඔහු අවධානයෙන් යුතුව සවන යොමු කළේ ද සැබැවින්ම ඔවුනට මෙහි උපදෙසක් ඇත.
وَلَقَدْ خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ وَمَا مَسَّنَا مِن لُّغُوبٍ
තවද සැබැවින්ම අපි අහස් ද මිහිතලය ද ඒ දෙක අතර ඇති දෑ ද දින සයක් තුළදී මැව්වෙමු. කිසිඳු වෙහෙසක් අපව ස්පර්ශ නොකළේය.
فَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوبِ
එහෙයින් (නබිවරය,) නුඹ ඔවුන් පවසන දෑ කෙරෙහි ඉවසිලිමත් වවු. හිරු උදාවීමට පෙර ද බැස යෑමට පෙර ද නුඹගේ පරමාධිපතිගේ ප්රශංසාවෙන් (ඔහුව) පිවිතුරු කරවු.
وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَأَدْبَارَ السُّجُودِ
තවද රාත්රියෙහි (කොටසක) හා සුජූදයෙන් පසුව ඔහුව පිවිතුරු කරවු.
وَاسْتَمِعْ يَوْمَ يُنَادِ الْمُنَادِ مِن مَّكَانٍ قَرِيبٍ
තවද සමීප ස්ථානයේ සිට කැඳවන්නා කැඳවන දින සවන් දෙවු.
10මෙහි කැඳවන්නා යනු ඉස්රාෆීල් නම් මලක්වරයා ලෙසත් කැඳවන දිනය යනු මළවුන් නැගිටු වනු ලබන දිනය ලෙසත් අදහස් වන්නේය. තවද සමීප ස්ථානය යනුවෙන් අදහස් කරනුයේ එදින දී සියල්ලන්ටම ඔහු විධානය කරන දෑ ඍජූවම ඇසෙන හෙයින්ය.
يَوْمَ يَسْمَعُونَ الصَّيْحَةَ بِالْحَقِّ ۚ ذَٰلِكَ يَوْمُ الْخُرُوجِ
(එදින) ඔවුන් සැබෑ ලෙසින් ගිගුරුම් (සූර්) හඬ සවන් දෙන දිනය වේ. එය (මිනී වළෙන්) බැහැර වන දිනයයි.
إِنَّا نَحْنُ نُحْيِي وَنُمِيتُ وَإِلَيْنَا الْمَصِيرُ
සැබැවින්ම ජීවය ලබා දෙන්නේ ද මරණයට පත් කරවන්නේ ද අපමය. තවද ඔවුන්ගෙන් පොළොව පිපිරී පැළී යන දින (අවසානයේ ඔවුන් සියල්ල) ශීඝ්රව යොමු වන ස්ථානය අප වෙතමය. එය අප හට පහසු එක් රැස් කිරීමකි.
يَوْمَ تَشَقَّقُ الْأَرْضُ عَنْهُمْ سِرَاعًا ۚ ذَٰلِكَ حَشْرٌ عَلَيْنَا يَسِيرٌ
සැබැවින්ම ජීවය ලබා දෙන්නේ ද මරණයට පත් කරවන්නේ ද අපමය. තවද ඔවුන්ගෙන් පොළොව පිපිරී පැළී යන දින (අවසානයේ ඔවුන් සියල්ල) ශීඝ්රව යොමු වන ස්ථානය අප වෙතමය. එය අප හට පහසු එක් රැස් කිරීමකි.
نَّحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ ۖ وَمَا أَنتَ عَلَيْهِم بِجَبَّارٍ ۖ فَذَكِّرْ بِالْقُرْآنِ مَن يَخَافُ وَعِيدِ
ඔවුන් (පරමාන්ත දිනය සම්බන්ධව) පවසන දෑ පිළිබඳව අපි මැනවින් දනිමු. නුඹ ඔවුන් කෙරෙහි බලපරාක්රමය යොදවන්නෙකු නොවේ. එබැවින් මාගේ අනතුරු ඇඟවීමට බියවන්නා වෙත අල් කුර්ආනය මගින් අනුශාසනා කරවු.