محمد

මුහම්මද්

محمد

මුහම්මද් · Muhammad

මදීනී38 පද්‍ය

හැඳින්වීම

මෙම සූරාව* නබි මුහම්මද්* තුමාණන් මදීනාවට හිජ්රත්* හෙවත් දේශාන්තරණය කළ ආරම්භ සමයෙහි පහළ වූවකි. එසමයෙහි ප‍්‍රතික්ෂේපකයින් මුස්ලිම්වරුන්ට බොහෝ සේ හිංසා කරමින් සිටියෝය. එහෙයින් මෙම සූරාවෙහි ඉස්ලාමය ආරක්ෂා කිරීමට වෑයම් කළ යුතු කරුණු ගැන පවසා ඇත. තවද අභ්‍යන්තරයෙන් ඉස්ලාමයට කුමන්ත‍්‍රණ කරමින් සිටී ආත්ම වංචනිකයින් පිළිබඳව ද අවතක්සේරු කරමින් පවසා ඇත.

1

الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَن سَبِيلِ اللَّهِ أَضَلَّ أَعْمَالَهُمْ

ප්රතික්ෂේප කළවුන් හා අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළක්වන්නන් (වන) ඔවුන්ගේ කි්රයාවන් ඔහු(අල්ලාහ්) නිෂ්ඵල කළේය. 1
1ප්රතික්ෂේපකයින්ගේ ක්රියාවන් සියල්ල අල්ලාහ් නිෂ්ඵල කරන්නේය යැයි මෙම ආයතයෙහි සඳහන්ව ඇත. නිසැකයෙන්ම ඔවුන් අන් මිනිසුන්ට අල්ලාහ්ව නැමදුම් කරන විෂයෙහි බාධා කරන්නේ නම් එමගින් ඔවුන්ට කිසිදු ප්රයෝජනයක් ඇති නොකරනවා පමණක් නොව, එය තමන්ටම හානි ගෙන දෙන්නක් බවට අල්ලාහ් පත් කරනු ඇත. දන්දීම් වැනි ඔවුන් කරන ඇතැම් යහ ක්රියාවන් මෙලොවෙහි ඔවුන්ට ප්රයෝජන වුව ද මරණින් මතු ජීවිතයේ එය ඔවුන්ට ප්රයෝජනයක් ඇති නොකරයි. මන්දයත් අල්ලාහ්ව විශ්වාස කිරීම යන ප්රධාන කරුණ ඔවුන් ප්රතික්ෂේප කළ හෙයිනි.
2

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَآمَنُوا بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍ وَهُوَ الْحَقُّ مِن رَّبِّهِمْ ۙ كَفَّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ

තවද විශ්වාස කර දැහැමි කි්රයාවන් කළවුන් හා මුහම්මද් වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්යය බව විශ්වාස කළවුන් (වන) ඔවුන්ගේ දුෂ්ටකම් ඔහු(අල්ලාහ්) ඔවුන්ගෙන් ඉවත් කර ඔවුන්ගේ තත්ත්වය (දුෂ්ටකම් ඇති නොවන අයුරින්) නිසියාකාරව හැඩ ගස්වන්නේය.
3

ذَٰلِكَ بِأَنَّ الَّذِينَ كَفَرُوا اتَّبَعُوا الْبَاطِلَ وَأَنَّ الَّذِينَ آمَنُوا اتَّبَعُوا الْحَقَّ مِن رَّبِّهِمْ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ لِلنَّاسِ أَمْثَالَهُمْ

එය සැබැවින්ම ප්රතික්ෂේප කළවුන් අසත්යය අනුගමනය කළ හේතුවෙන් ද විශ්වාස කළවුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්යය(අල් කුර්ආනය) අනුගමනය කළ හේතුවෙන් ද වේ. එලෙසය අල්ලාහ් ජනයාට ඔවුන්ගේ උපමාව ගෙන හැර දක්වනුයේ.
4

فَإِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا فَضَرْبَ الرِّقَابِ حَتَّىٰ إِذَا أَثْخَنتُمُوهُمْ فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مَنًّا بَعْدُ وَإِمَّا فِدَاءً حَتَّىٰ تَضَعَ الْحَرْبُ أَوْزَارَهَا ۚ ذَٰلِكَ وَلَوْ يَشَاءُ اللَّهُ لَانتَصَرَ مِنْهُمْ وَلَـٰكِن لِّيَبْلُوَ بَعْضَكُم بِبَعْضٍ ۗ وَالَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ فَلَن يُضِلَّ أَعْمَالَهُمْ

එබැවින් (නුඹලාට එරෙහිව යුද වදින්නා වූ) ප්රතික්ෂේප කළවුන්ව නුඹලා (යුද පිටියෙහි) හමු වූයේ නම් නුඹලා ඔවුන්ව යටත් කර ගන්නා තුරු (ඔවුන්ගේ) බෙලි ගසා දමවු. පසුව (ඉතිරි වූවන් සිරකරුවන් ලෙස පත් කර ඔවුන්ව) දඬුකඳෙහි ගැට ගසවු. යුද්ධය එහි බර බිම හෙළන තුරු (යුද කරවු.) 2 පසුව අනුග්රහයක් වශයෙන් හෝ වන්දියක් වශයෙන් හෝ (ඔවුන්ව නිදහස් කරවු). 3 මෙයයි (අල්ලාහ්ගේ විධානය). 4 තවද අල්ලාහ් අභිමත කළේ නම් (යුද්ධයකින් තොරව) ඔවුනට විපාක දෙන්නට තිබුණි. එනමුත් ඔහු (නුඹලාට යුද කිරීමට අණ කළේ) නුඹලාගෙන් ඇතැමුන්ව තවත් ඇතැමුන් මගින් පරීක්ෂා කරනු පිණිසය. 5 තවද කවුරුන් අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේද ඔවුන්ගේ යහකම් ඔහු නිෂ්ඵල නොකරන්නේමය.
2මෙහි අදහස වනුයේ සතුරු සේනා තම ආයුධ බිම හෙළා සටන් බිමේ උග්ර තත්ත්වය පහ වී ගොස් ඔවුන් යටත් වනතුරු යුද කිරීමය.
3ඉස්ලාමයට අනුව සතුරන්ව ඝාතනය කිරීමට හෝ ඔවුන්ව සිර ගත කිරීමට අනුමැතිය ඇත්තේ යුද බිමෙහි පමණයි යන්න මෙම ආයතය තුළින් පැහැදිලි කොට ඇත.
4බද්ර් සටනෙහි මුස්ලිම්වරුන් ක්රියා කළ යුතු ආකාරය මෙම ආයතයෙන් සඳහන් කර ඇත. එම අවස්ථාවෙහි සිටි සතුරන් සමග යුද පිටියෙහි මෙසේ දඬුවම් කළ යුතු යැයි මුස්ලිම්වරුන්ට අණ කරනු ලැබුවේ මක්කාවාසී දේව ප්රතික්ෂේපකයින් මුස්ලිම්වරුන්ට ඉතා කුරිරු අන්දමින් හිරිහැර කරමින් සිටි හෙයිනි. ඉස්ලාමයේ පණිවිඩය අරාබිකරයට සම්ප්රාප්ත වන සමයෙහි එහි පමණක් නොව, ලොව විවිධ කලාපවල වහල් සංකල්පය කලක පටන් පැවතුණි. යුද්ධයෙන් පරාජය වී යටත් වූවන්, ණය ගෙවා ගන්නට නොහැකි වූවන්, පැහැර ගෙන යනු ලබන්නන් මෙන්ම දුගී බව නිසා ද වහලුන් බවට මිනිසුන් පත් වූහ. යුරෝපයේ හා ඇමරිකාවේ බහුල වශයෙන් වහලුන් බවට මිනිසුන් පත් වූයේ පැහැර ගෙන යාමෙනි. එහෙත් මිනිසුන් වහල් බවට පත් කළ හැකි මෙම සියලු ක්රමයන්ගෙන් එක් මගක් හැරෙන්නට අන් සියලුම මං ඉස්ලාමය විසින් අවලංගු කරන ලදී. තවද එයට අදාළ නීති තදකර මාර්ගෝපදේශ ද පෙන්වන ලදී. යුධ සිරකරුවන් සිර භාරයට ගැනීම පොදුවේ වහලුන් නිර්මාණය වන ක්රමයයි. ඕනෑම යුද්ධයකදි සතුරන් අල්ලා ගනු ලබති. එකල පැවති නීතිය අනුව ඔවුන් මරා දමනු ලබති. එසේ නැතිනම් වහලුන් බවට පත් කරනු ලබති. නමුත් මෙම අල් කුර්ආන් ආයතය තුළින් වහලුන්ට නිදහස් වීමට විකල්ප දෙකක් හඳුන්වා දී ඇත. එකක් කොන්දේසි විරහිතව මුදා හැරීම වූ අතර අනෙක වන්දියක් ලබා ගෙන නිදහස් කිරීමයි. මිනිසුන් වහලුන් බවට පත්කිරීම ඉස්ලාමීය ඉගැන්වීම් තුළ උනන්දු කර නැති අතර වහලුන් නිදහස් කිරීමට උනන්දු කරමින් එන අල් කුර්ආන් වැකි හා නබි වදන් බොහෝමයක් දැකිය හැකිය. නමුත් ඉස්ලාමයට පෙර ඔවුන්ව නිදහස් කරන ක්රම කිසිවක් නොතිබිණ. එනම් කෙනෙකු වහල් වුවහොත් ඔහු ජීවිතාන්තය දක්වා වහලෙක්මය හෝ වහලියක්මය. නමුත් ඉස්ලාමය මෙම මතය වෙනස් කර වහලුන් නිදහස් වීම සඳහා ඉස්ලාමය මං කිහිපයක්ම නිර්මාණය කළ අතර එසේ නිදහස් කරන්නන්ට අසීමිත කුසල් ද පොරොන්දු විය. බද්ර් සංග්රාම සමයෙහි නබි මුහම්මද් තුමාණන් ඇතැම් යුධ සිරකරුවන්ගෙන් වන්දි ලබා ගෙන නිදහස් කළහ. තවත් බොහෝ දෙනෙකුට කොන්දේසි හා වන්දි නොමැතිවම නිදහස ලබා දුන්හ. මක්කාව ජය ගත් විට මුලු මක්කාවෙහි සිටි සතුරන්ට තමා නිදහස දුන් බව එතුමන් ප්රසිද්ධියේ ප්රකාශ කළහ. මෙවන් සිදුවීම්වලින් සනාථ වන්නේ මුස්ලිම්වරුන් ලේ පිපාසයෙන් කලහකාරිත්වය පි්රය කරන පිරිසක් නොවන බව හා හැකි සෑම අවස්ථාවකම ඔවුන් තමන් අත්පත් කරගත් යුධ සිරකරුවන් විෂයයෙහි ඉතා කාරුණිකව කටයුතු කළ අතර එකල පිළිගත් සිරිත අනුව සිරකරුවන්ව වහලුන් ලෙසින් ගැනීමට ද මුස්ලිම්වරුන් සැම විටම කි්රයා නොකළ බවයි. එසේ නමුත් එම ක්රමය සහමුලින්ම ඉස්ලාමය අහෝසි කර නොදැමු බවද මෙහි සැලකිල්ලට ගත යුතුය. තවද වහලුන්ගේ ගරුත්වය රැකීම, වහලුන්ට සාධාරණව සැලකීම හා දයාව පෙන්වීම යනාදී කරුණු වෙත ඉස්ලාමය මග පෙන්වා ඇත. තවද ඔවුන් තුළ විශේෂ හැකියාවන් වූයේ නම් නිදහස් මිනිසුන්ට වඩා වහලුන්ට ප්රමූඛතාව දීම ද ඉස්ලාමීය ඉගැන්වීම් තුළ දැකිය හැකි ප්රධාන ලක්ෂණයකි. එමෙන්ම ඔවුන් හා ඔවුන්ගේ පරම්පරාවම වහලුන් බවට පත් වීමෙන් වැළකීම සඳහා ඔවුන්ගේ ස්වෝත්සාහයෙන් නිදහස් වීමට හැකි අවකාශයක්ද ඔවුනට හිමිකර දී ඇත. වහල් පුද්ගලයින්ට අදාළ නිර්දේශවල මූලික හරය වන්නේ ඔවුන්ට සාධාරණව සැලකීම හා දයාව පෙන්වීමයි. අනිවාර්ය පුණ්ය දීමනාව වන zසකාත් මුදලින්ද වහලුන් නිදහස් කිරීම සඳහා මුදල් වෙන් කළ යුතුය. තවද අත් වැරදීමකින් මිනිස් ඝාතනයක් සිදුවීම (අල් කුර්ආන් 4:92 ), ළිහාර් නම් ඉස්ලාමයට පෙර අඥාන යුගයේ පැවති නීති විරෝධි දික්කසාද ක්රමය (අල් කුර්ආන් 58:3 ), රමළාන් මාසයේ උපවාස ශීලය අවස්ථාවෙහි සැමියා හා බිරිය කායිකව එක්වීම ආදි වැරදිවලට හානිපූරණය ලෙසින් ඉස්ලාමය නිර්දේශ කරන්නේ වහලෙක් නිදහස් කිරීමයි. මෙයට අමතරව අසීමිත කුසල් ලැබිය හැකි පුණ්ය කර්මයක් ලෙසින් ද අල්ලාහ්ගේ තෘප්තිය පතා වහලුන් නිදහස් කිරීම හැකි සෑම විටම කරන මෙන් ඉස්ලාම් දහම උනන්දු කරයි. (අල් කුර්ආන් 90:13 ) එහෙත් වර්තමානයේ වහල්භාවය දැකිය නොහැකි අතර එම සංකල්පය සහමුලින්ම ඇතුරුදහන් වී ද ඇත. මෙයට හේතුව 1953 වසරෙහි ලෝක රටවල් එක්ව පිහිටුවා ගත් එක්සත් ජාතීන්ගේ ගිවිසුමක් පිහිටු වීමයි.
5සතුරන්ව විනාශ කිරීමට මුස්ලිම්වරුන් යුද වැදීම හේතුවක් කර නොගෙන අල්ලාහ්ම ඔවුන්ව විනාශ කරන්නට තිබිණි. නමුත් මුස්ලිම්වරුන් ඔවුන් සමග සටන් වැදීම තුළින් ප්රතික්ෂේපකයින්ව අල්ලාහ් විනාශ කළේ මුස්ලිම්වරුන්ගේ ඊමාන් නම් විශ්වාසය පරික්ෂා කිරීම පිණිසය.
5

سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ

ඔවුන්ව ඔහු යහමග රැගෙන ගොස් ඔවුන්ගේ තත්ත්වය සංශෝධනය කරනු ඇත.
6

وَيُدْخِلُهُمُ الْجَنَّةَ عَرَّفَهَا لَهُمْ

තවද ඔහු ඔවුන්ව දැනුවත් කොට තිබූ ස්වර්ගයට ඔවුන්ව ඇතුළු කරනු ඇත.
7

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن تَنصُرُوا اللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ

විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ්(ගේ දහම)ට උදවු කරන්නේ නම් ඔහු නුඹලාට උදවු කරනු ඇත. තවද නුඹලාගේ පාද ස්ථිර කරනු ඇත.
8

وَالَّذِينَ كَفَرُوا فَتَعْسًا لَّهُمْ وَأَضَلَّ أَعْمَالَهُمْ

තවද කවුරුන් ප්රතික්ෂේප කළේද ඔවුන්ට අභාග්යයයි. තවද ඔවුන්ගේ (යහ)කි්රයාවන් ඔහු නිශ්ඵල කරනු ඇත.
9

ذَٰلِكَ بِأَنَّهُمْ كَرِهُوا مَا أَنزَلَ اللَّهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ

එය ඔවුන් අල්ලාහ් පහළ කළ දෑ (වන අල් කර්ආනය) පිළිකුල් කළ හෙයිනි. එබැවින් ඔවුන්ගේ (යහ) කි්රයාවන් ඔහු නිෂ්ඵල කළේය.
10

أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ ۚ دَمَّرَ اللَّهُ عَلَيْهِمْ ۖ وَلِلْكَافِرِينَ أَمْثَالُهَا

ඔවුන් මිහිතලයෙහි ගමන් කර (ප්රතික්ෂේපක සමූහයන්ගෙන්) ඔවුනට පෙර විසූවන්ගේ අවසානය කෙසේ වූයේ දැයි නොදුටුවේ ද? අල්ලාහ් ඔවුන් කෙරෙහි දරුණු විනාශයක් ඇති කළේය. ප්රතික්ෂේපකයින්ට ද මෙලෙසම හිමිය.
11

ذَٰلِكَ بِأَنَّ اللَّهَ مَوْلَى الَّذِينَ آمَنُوا وَأَنَّ الْكَافِرِينَ لَا مَوْلَىٰ لَهُمْ

එය, අල්ලාහ් විශ්වාස කළවුන්ගේ උදව්කරු හෙයින් ද ප්රතික්ෂේපකයින් (වන) ඔවුන්ට උදව්කරුවෙකු නොමැති හෙයින් ද වේ.
12

إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۖ وَالَّذِينَ كَفَرُوا يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ الْأَنْعَامُ وَالنَّارُ مَثْوًى لَّهُمْ

සැබැවින්ම කවුරුන් විශ්වාස කොට දැහැමි කි්රයා කළේද අල්ලාහ් ඔවුන්ව (ස්වර්ග) උයන් වලට ඇතුළු කරවන්නේය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. තවද කවුරුන් ප්රතික්ෂේප කළේද ඔවුන් (ලෞකික) වින්දනයන් ලබමින් ද පශුකුලයට අයත් (ගවයන්, එළුවන් වැනි) සතුන් අනුභව කරන්නාක් මෙන් අනුභව කරමින් ද සිටිති. තවද (නිරා) ගින්න ඔවුන්ට හිමි අවසාන ලැගුම් ගන්නා ස්ථානයයි.
13

وَكَأَيِّن مِّن قَرْيَةٍ هِيَ أَشَدُّ قُوَّةً مِّن قَرْيَتِكَ الَّتِي أَخْرَجَتْكَ أَهْلَكْنَاهُمْ فَلَا نَاصِرَ لَهُمْ

තවද (නබිවරය,) නුඹව බැහැර කළ නුඹගේ නගරයට වඩා ශක්තියෙන් ඉතා දැඩි වූ කොතෙක්දෝ නගරයන් විය. අපි (එහි වාසය කළ) ඔවුන්ව ද විනාශ කර දැමුවෙමු. එවිට ඔවුන්ට කිසිදු උදවුකරුවෙකු නොවීය.
14

أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّهِ كَمَن زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ وَاتَّبَعُوا أَهْوَاءَهُم

එබැවින් කවරෙකු තම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයන් මත සිටින්නේ ද ඔහු, කවරෙකු තම නරක කි්රයාවන් තමන්ට අලංකාර ලෙස පෙන්වනු ලැබ තමන්ගේ මනෝ ඉච්ඡාවන් අනුගමනය කළ අය මෙන් වන්නේ ද?
15

مَّثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۖ فِيهَا أَنْهَارٌ مِّن مَّاءٍ غَيْرِ آسِنٍ وَأَنْهَارٌ مِّن لَّبَنٍ لَّمْ يَتَغَيَّرْ طَعْمُهُ وَأَنْهَارٌ مِّنْ خَمْرٍ لَّذَّةٍ لِّلشَّارِبِينَ وَأَنْهَارٌ مِّنْ عَسَلٍ مُّصَفًّى ۖ وَلَهُمْ فِيهَا مِن كُلِّ الثَّمَرَاتِ وَمَغْفِرَةٌ مِّن رَّبِّهِمْ ۖ كَمَنْ هُوَ خَالِدٌ فِي النَّارِ وَسُقُوا مَاءً حَمِيمًا فَقَطَّعَ أَمْعَاءَهُمْ

බිය භක්තිකයින්ට ප්රතිඥා දෙනු ලැබූ (ස්වර්ග) උයනෙහි වර්ණනය (මෙයයි.) එහි වෙනස් නොවන (පිවිතුරු) ජලයෙන් වූ ගංගාවන්ද රසය වෙනස් නොවන කිරි වලින් වූ ගංගාවන්ද පානය කරන්නන්ට මිහිර ඇති කරවන අමෘතයෙන් වූ ගංගාවන්ද පිරිසිදු මී පැණි වලින් වූ ගංගාවන්ද වේ. තවද එහි ඔවුන්ට සෑම පලතුරු වර්ගයක්ම හා ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ පාප ක්ෂමාව ද වේ. (ස්වර්ගයෙහි සදාකල් වෙසෙන) මොවුන් (නිරා) ගින්නේ සදා කල් වෙසෙන, උතුරන ජලය බීමට දෙනු ලබන අය මෙන් වේද? එවිට එය ඔවුන්ගේ බඩවැල් කෑලි බවට පත් කරයි.
16

وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ حَتَّىٰ إِذَا خَرَجُوا مِنْ عِندِكَ قَالُوا لِلَّذِينَ أُوتُوا الْعِلْمَ مَاذَا قَالَ آنِفًا ۚ أُولَـٰئِكَ الَّذِينَ طَبَعَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَاتَّبَعُوا أَهْوَاءَهُمْ

තවද (නබිවරය,) ඔවුන් අතුරින් නුඹට සවන් දෙන්නන්ද සිටිති. ඔවුන් නුඹගෙන් බැහැර ව ගිය කල්හි “දැන් මද වේලාවකට පෙර ඔහු පැවසුවේ කුමක්දැ”යි දැනුම දෙනු ලැබූවන්ගෙන් විමසති. 6 අල්ලාහ් කවුරුන්ගේ සිත් තුළ මුද්රා තැබුවේද තවද (කවුරුන්) තමන්ගේ මනෝ ඉච්ඡාවන් අනුගමනය කළේද ඔවුන් මොවුන්මය.
6ආත්ම වංචනිකයින් නබි මුහම්මද් තුමාණන් අබියස වාඩි වී එතුමාණන්ගේ කතාවට සවන් දුන්න ද ඔවුන් එම උපදේශයන් පිළිනොගෙන ඉබ්නු මස්ඌද්, ඉබ්නු අබ්බාස් වැනි උගත් සහාබිවරුන්ගෙන් සමච්චලයට මෙන් “මොහු මෙතෙක් වේලා කීවේ කුමක් දැ”යි යන්නෙන් ප්රශ්න අසා සිටීම ගැන මෙයින් අදහස් වේ.
17

وَالَّذِينَ اهْتَدَوْا زَادَهُمْ هُدًى وَآتَاهُمْ تَقْوَاهُمْ

තවද කවුරුන් යහ මග ලැබුවේ ද ඔහු(අල්ලාහ්) ඔවුනට යහ මග වර්ධනය කරන්නේය. තවද ඔවුනට ඔවුන්ගේ බිය භක්තිය පිරිනමන්නේය.
18

فَهَلْ يَنظُرُونَ إِلَّا السَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً ۖ فَقَدْ جَاءَ أَشْرَاطُهَا ۚ فَأَنَّىٰ لَهُمْ إِذَا جَاءَتْهُمْ ذِكْرَاهُمْ

එබැවින් ඔවුන්(ප්රතික්ෂ්පකයින් ලොව අවසන්) හෝරාව තමන් වෙත අනපේක්ෂිතව පැමිණීම මිස අන් කිසිවක් බලාපොරොත්තු වන්නේද? නමුත් දැනටම එහි (ඇතැම්) සලකුණු පැමිණ ඇත. එසේනම් එය(අවසන් හෝරාව) ඔවුන් වෙත පැමිණියේ නම් ඔවුන් (ඒ පිළිබඳව එදින) සිහි කිරීමෙන් ඔවුනට කුම(න ඵල)ක් ද?
19

فَاعْلَمْ أَنَّهُ لَا إِلَـٰهَ إِلَّا اللَّهُ وَاسْتَغْفِرْ لِذَنبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ۗ وَاللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَاكُمْ

එබැවින් (නබිවරය,) සැබැවින්ම අල්ලාහ් හැර (නැමදුමට) අන් දෙවියෙකු නොමැති බව දැන ගනිවු. තවද නුඹගේ වැරදි සඳහා ද විශ්වාසිකයින් හා විශ්වාසිකාවන් (ගේ පාපයන්) සඳහා ද පාප ක්ෂමාව අයැදිවු. තවද නුඹලා (කාර්යබහුලව) තැනින් තැනට ගමන් කිරීම හා (විවේකීව) නුඹලා ලැගුම් ගන්නා ස්ථානය අල්ලාහ් මැනවින් දන්නේය.
20

وَيَقُولُ الَّذِينَ آمَنُوا لَوْلَا نُزِّلَتْ سُورَةٌ ۖ فَإِذَا أُنزِلَتْ سُورَةٌ مُّحْكَمَةٌ وَذُكِرَ فِيهَا الْقِتَالُ ۙ رَأَيْتَ الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يَنظُرُونَ إِلَيْكَ نَظَرَ الْمَغْشِيِّ عَلَيْهِ مِنَ الْمَوْتِ ۖ فَأَوْلَىٰ لَهُمْ

තවද “(නව) සූරාවක් පහළ කරනු ලැබිය යුතු නොවේදැ”යි විශ්වාස කළවුන් පවසති. 7 (එලෙස) පැහැදිලි නිරවුල් සූරාවක් පහළ කරනු ලැබ, එහි යුද්ධ කිරීම පිළිබඳව සඳහන් කරනු ලැබ තිබුණේ නම්, කවරෙකුගේ හදවත්හි ව්යාධියක් ඇත්තේ ද මරණය හේතුවෙන් සිහිමුර්ජා වූවෙකු බලන්නාක් මෙන් ඔවුන් ද නුඹ දෙස බලනු නුඹ දකින්නෙහිය. එබැවින් (අල්ලාහ්ගේ දඬුවම) ඔවුනට වඩා සුදුස වන්නේය.
7මෙයින් පෙන්නුම් කෙරෙන්නේ සැබෑ විශ්වාසිකයින් සෑම විටම අල්ලාහ්ගෙන් නව සූරාවක් මගින් වහී පණිවිඩයන් පහළ වීම ඉතා උනන්දුවෙන් හා බලාපොරොත්තුවෙන් සිටියා යන්නයි. එනමුත් ආත්ම වංචනිකයින් මෙයට හාත්පසින්ම වෙනස් ලෙස ගනීමත් ලබා දීම වැනි වහී පණිවිඩයක් පහළ වූයේ නම් ඔවුන් ප්රීතියට පත් වන අතර සටන් කිරීම වැනි වහී පණිවිඩයක් පහළ වූයේ නම් ඔවුන්ට එය දරා ගත නොහැකි අප්රියජනක දෙයක් වේ යන්නයි.
21

طَاعَةٌ وَقَوْلٌ مَّعْرُوفٌ ۚ فَإِذَا عَزَمَ الْأَمْرُ فَلَوْ صَدَقُوا اللَّهَ لَكَانَ خَيْرًا لَّهُمْ

අවනත වීම සහ යහ අයුරින් කතා කිරීම (ඔවුනට යහපත්)ය. එබැවින් (යුද්ධ කිරීමේ) විෂය ස්ථීර වූ කල්හි ඔවුන් අල්ලාහ්ට සත්ය ලෙස කි්රයා කළේ නම්, 8 එය ඔවුන්ට යහපත් වන්නේය.
8මුස්ලිම්වරුන් අල්ලාහ් වෙතින් යම් වැකියක් පහළ වීම බලාපොරොත්තුවෙන් සිටි හෙයින් එසේ පාපතරයින්ට විරුද්ධව සටන් කරන මෙන් විධානය කරමින් වහී පණිවිඩයක් පහළ වුවහොත් ඔවුන් එය පිටු පෑ නොයුතුයි යැයි මෙම ආයතය තුළින් අවධාරණය කර ඇත. තවද ඔවුන් ඊට පිටුපෑවේ නම් ඔවුන් ඉස්ලාමයට පෙර සිටි ආකාරයටම පත් වනු ඇත යැයි අවවාද ද කර ඇත.
22

فَهَلْ عَسَيْتُمْ إِن تَوَلَّيْتُمْ أَن تُفْسِدُوا فِي الْأَرْضِ وَتُقَطِّعُوا أَرْحَامَكُمْ

එබැවින් (ආත්ම වංචනිකයිනි,) නුඹලා පිටු පෑවේ නම්, (එමගින්) නුඹලා මිහිතලයෙහි කලහකම් පතුරුවා ඥාතීත්වය සිඳ දමන්නට තැත් කරන්නෙහු ද? (ඒ බව නුඹලා වටහා නොගන්නේ ද?) 9
9මෙම ආයතයෙන් අදහස් වන්නේ ‘පාපතරයින්ට එරෙහිව සටන් කළ යුතුයි’ යන අල්ලාහ්ගේ විධානයට පිටුපෑවේ නම් එය අකීකරු වීම පමණක් නොව එය මිහිතලයෙහි, කළහකම් ඇති වීම වර්ධනය වීමට ද හේතුවක් වනු ඇත යන්නයි.
23

أُولَـٰئِكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ فَأَصَمَّهُمْ وَأَعْمَىٰ أَبْصَارَهُمْ

අල්ලාහ් ශාප කළවුන් ඔවුන්මය. එබැවින් ඔහු (යහ දෑ ඇසීමෙන්) ඔවුන්ව බිහිරි කර, (යහ දෑ දැකීමෙන්) ඔවුන්ගේ දෘෂ්ටීන් අන්ධ කළේය.
24

أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَا

ඔවුන් අල් කුර්ආනය පරිශීලනය නොකරන්නෙහු ද? නැතහොත් (ඔවුන්ගේ) හදවත් මත අගුල් දමා (වසා) ඇත් ද?
25

إِنَّ الَّذِينَ ارْتَدُّوا عَلَىٰ أَدْبَارِهِم مِّن بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَى ۙ الشَّيْطَانُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ

තමන්ට යහමග පැහැදිලි වූ පසුව සැබැවින්ම කවුරුන් පිටුපා (දහමෙන්) හැරී යන්නේ ද ඔවුන්ට ෂෙයිතාන් (ඔවුන්ගේ ක්රියාවන්) අලංකාර කර ඔවුන්ට (තම) ආශාවන් දීර්ඝ කළේය.
26

ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لِلَّذِينَ كَرِهُوا مَا نَزَّلَ اللَّهُ سَنُطِيعُكُمْ فِي بَعْضِ الْأَمْرِ ۖ وَاللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ

එය( එනම් ආත්ම වංචනිකයින් නොමග යෑම) ඔවුන් අල්ලාහ් පහළ කළ දැය( වූ අල් කුර්ආනය) පිළිකුල් කළවුන්( වන යුදෙව්වන්) අමතා “අපි ඇතැම් කරුණු වල දී නුඹලාට අවනත වන්නෙමු” යැයි පැවසූ හෙයිනි. ඔවුන්ගේ රහස් අල්ලාහ් දන්නේය. 10
10මෙයින් අදහස් කරනුයේ ආත්ම වංචනිකයින් මදීනාවේ විසු යුදෙව් නායකයින් ට පවසා සිටි දෑය. එනම් “අපට ඉස්ලාමය ප්රසිද්ධියේ ප්රතික්ෂේප කළ නොහැක. නමුත් අපි එය අපගේ හදවතින් ප්රතික්ෂේප කරන්නෙමු. මේ අනුව අපි නුඹලාව අනුගමනය කරන්නෙමු” යන්නයි.
27

فَكَيْفَ إِذَا تَوَفَّتْهُمُ الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ

එබැවින් ඔවුන්ගේ මුහුණු වලට හා ඔවුන්ගේ පසුපසට පහර දෙමින් ඔවුන්ගේ ප්රාණය මලක්වරුන් අත්පත් කර ගත් කල්හි කෙසේ වීද?
28

ذَٰلِكَ بِأَنَّهُمُ اتَّبَعُوا مَا أَسْخَطَ اللَّهَ وَكَرِهُوا رِضْوَانَهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ

එය සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට කෝපය ඇති කර වන දෑ අනුගමනය කොට ඔහුගේ තෘප්තිය(ට හේතු වූ දෑ) පිළිකුල් කළ හෙයිනි. එබැවින් ඔහු ඔවුන්ගේ (යහ) කි්රයාවන් නිෂ්ඵල කළේය.
29

أَمْ حَسِبَ الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخْرِجَ اللَّهُ أَضْغَانَهُمْ

කවුරුන්ගේ හදවත්හි ව්යාධියක් ඇත්තේ ද ඔවුන් ඔවුන්ගේ ද්වේෂයන් අල්ලාහ් හෙළිදරව් නොකරනු ඇතැයි සිතන්නේද?
30

وَلَوْ نَشَاءُ لَأَرَيْنَاكَهُمْ فَلَعَرَفْتَهُم بِسِيمَاهُمْ ۚ وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ ۚ وَاللَّهُ يَعْلَمُ أَعْمَالَكُمْ

(නබිවරය,) අපි අභිමත කළේ නම් ඔවුන්ව නුඹට පෙන්වන්නට තිබුණි. එවිට ඔවුන්ගේ සලකුණු මගින් නුඹ ඔවුන්ව හඳුනා ගනු ඇත. තවද සැබැවින්ම නුඹ කතා ලීලාවෙන් ද ඔවුන්ව හඳුනා ගනු ඇත. 11 තවද නුඹලාගේ ක්රියාවන් අල්ලාහ් දන්නේය.
11ආත්ම වංචනිකයින්ගේ සත්ය ස්වරූපය අල්ලාහ් විසින් නබි මුහම්මද් තුමාණන්ට සලකුණක් මගින් අනාවරණය කරන්නට තිබුණි. නමුත් අල්ලාහ් එසේ නොකළේය. කෙසේ වෙතත් ඔවුන්ගේ කතා ශෛලියෙන් එතුමාට ඔවුන්ව හඳුනා ගත හැකි යැයි ද මෙම වැකියෙහි සඳහන් වී ඇත.
31

وَلَنَبْلُوَنَّكُمْ حَتَّىٰ نَعْلَمَ الْمُجَاهِدِينَ مِنكُمْ وَالصَّابِرِينَ وَنَبْلُوَ أَخْبَارَكُمْ

තවද නුඹලා අතුරින් (අපගේ මගෙහි) ජිහාද්(ප්රයත්න) කරන්නන් හා ඉවසිලි වන්තයින් ගැන අපි දැන ගන්නා තුරු 12 සැබැවින්ම අපි නුඹලාව පරීක්ෂා කරන්නෙමු. තවද අපි නුඹලාගේ තොරතුරු පරීක්ෂා කරන්නෙමු.
12අල්ලාහ් සියලු දෑ දන්නෙකුව සිටිය දී මෙහි ‘දැනුම’ යන්නෙන් අදහස් කරනුයේ ‘ප්රායෝගික පිරික්සුමක්’ යන්නය.
32

إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَن سَبِيلِ اللَّهِ وَشَاقُّوا الرَّسُولَ مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَىٰ لَن يَضُرُّوا اللَّهَ شَيْئًا وَسَيُحْبِطُ أَعْمَالَهُمْ

සැබැවින්ම ඔවුන්ට යහමග පැහැදිලි වීමෙන් පසුව කවුරුන් ප්රතික්ෂේප කර අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළක්වා රසූල්වරයාට පටහැණිව ක්රියා කළේ ද ඔවුන් අල්ලාහ්ට කිසිඳු හානියක් සිදු කළ නොහැක්කේමය. තවද ඔහු(අල්ලාහ්) ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල කරනු ඇත.
33

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَلَا تُبْطِلُوا أَعْمَالَكُمْ

විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ්ට අවනත වවු. තවද රසූල්වරයාට ද අවනත වවු. තවද නුඹලාගේ කි්රයාවන් නිශ්ඵල කර නොගනිවු.
34

إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَن سَبِيلِ اللَّهِ ثُمَّ مَاتُوا وَهُمْ كُفَّارٌ فَلَن يَغْفِرَ اللَّهُ لَهُمْ

සැබැවින්ම කවුරුන් ප්රතික්ෂේප කර (ජනයින්ව) අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා පසුව ඔවුන් ප්රතික්ෂේපකයින් ලෙස මරණයට පත් වූයේ ද ඔවුන්ට අල්ලාහ් පාප ක්ෂමාව නොදෙන්නේමය.
35

فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَكُمْ وَلَن يَتِرَكُمْ أَعْمَالَكُمْ

එබැවින් නුඹලා (යුද්ධයෙහි) අධෛර්යය නොවවු. තවද සාමය සඳහා ඇරයුම් නොකරවු. 13 තවද නුඹලාමය ප්රබලයින් වනුයේ. අල්ලාහ් නුඹලා සමගය. ඔහු නුඹලාගේ ක්රියාවන්(හි ප්රතිඵල) අඩු නොකරන්නේමය.
13මුස්ලිම්වරුන්ගේ දුබලතාව නිසා සාම ගිවිසුමක් ඉල්ලා සිටීමට අනුමැතිය නැත යැයි ද එසේ ගිවිසුමක් කිරීම තුළින් මුස්ලිම්වරුන්ගේ අයිතීන්ට අවාසියක් වනු ඇත යැයි තිබේ නම් එවිට ද එසේ ගිවිසුමක් ඉල්ලා සිටීමට අනුමැතිය නැත යැයි මෙම ආයතය මගින් අවධාරණය වේ. කෙසේ වෙතත් ප්රතික්ෂේපකයින් සාම ගිවිසුමක් ඉල්ලා එහි මුස්ලිම්වරුන්ට ප්රයෝජනයක් ඇත් නම් සාම ගිවිසුමක් දියත් කිරීමට අනුමැතිය ඇත. අල් කුර්ආන් 8:61 හි මෙසේ සඳහන් වී ඇත. “(නබිවරය,) ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ වෙත නැඹුරු වවු. අල්ලාහ් වෙත සියල්ල බාර කරවු. සැබැවින්ම ඔහු සර්ව ශ්රාවකය සර්වඥය.”.
36

إِنَّمَا الْحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ ۚ وَإِن تُؤْمِنُوا وَتَتَّقُوا يُؤْتِكُمْ أُجُورَكُمْ وَلَا يَسْأَلْكُمْ أَمْوَالَكُمْ

සැබැවින්ම මෙලොව ජීවිතය කෙළිදෙළක් හා පුහු විනෝදයක්මය. තවද නුඹලා විශ්වාස කොට බිය භක්තිමත් වූයේ නම් ඔහු නුඹලාගේ වේතන නුඹලාට පිරිනමනු ඇත. තවද ඔහු නුඹලාගේ වස්තූන් (මුළුමනින්ම) නුඹලාගෙන් ඉල්ලා සිටින්නේ නැත.
37

إِن يَسْأَلْكُمُوهَا فَيُحْفِكُمْ تَبْخَلُوا وَيُخْرِجْ أَضْغَانَكُمْ

(එසේ) ඔහු එය නුඹලාගෙන් ඇයැද පෙරැත්ත කළේ නම් නුඹලා මසුරුකම් පාන්නෝය. එවිට ඔහු නුඹලාගේ පිළිකුල(මසුරුකම) හෙළිදරවු කරන්නේය.
38

هَا أَنتُمْ هَـٰؤُلَاءِ تُدْعَوْنَ لِتُنفِقُوا فِي سَبِيلِ اللَّهِ فَمِنكُم مَّن يَبْخَلُ ۖ وَمَن يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَن نَّفْسِهِ ۚ وَاللَّهُ الْغَنِيُّ وَأَنتُمُ الْفُقَرَاءُ ۚ وَإِن تَتَوَلَّوْا يَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ ثُمَّ لَا يَكُونُوا أَمْثَالَكُم

බලවු! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් කිරීම පිණිස කැඳවනු ලැබූ පිරිසකි. එහෙත් මසුරුකම් පාන්නන් ද නුඹලා අතුරින් සිටිති. කවරෙකු මසුරුකම් පාන්නේ ද සැබැවින්ම ඔහු මසුරුකම් පානුයේ තමාටය. තවද අල්ලාහ් සර්ව පොහොසත්ය (සියලු අවශ්යතාවන්ගෙන් පරිබාහිරය). තවද නුඹලා දිළින්ඳන් වෙති. නුඹලා පිටුපෑවේ නම් නුඹලා නොවන පිරිසක් නුඹලා වෙනුවට ඔහු ප්රතිස්ථාපනය කරන්නේය. පසුව ඔවුන් නුඹලා මෙන් නොවන්නෝය.